ඉන්දීය ජ්‍යෙෂ්ට ඇමතිවරයකුට එරෙහිව මූල්‍ය වංචා පරීක්ෂණයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 15 සඳුදා - 12:08 GMT
Minister Salman Kurshid

ඇමතිවරයා පදවියෙන් ඉවත්ව යා යුතු බව දූෂණ විරෝධී ක්‍රියාධරයෝ පවසති

ඉන්දියාවේ ජ්‍යෙෂ්ට ඇමතිවරයකුට එරෙහිව ඉදිරිපත්ව ඇති මුදල් වංචා චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.

නීතිය භාර ඇමති සල්මන් කුර්ෂිඩ් සහ ඔහුගේ බිරිඳ චෝදනා ලැබ සිටින්නේ ආබාධිතයන් වෙනුවෙන් ඔවුන් පවත්වා ගෙනයන ශුභාසාධක අරමුදලක් සඳහා රජයේ මුදල් අයථා ආකාරයට යොදා ගැනීම සම්බන්ධයෙන්.

ඇමතිවරයා පදවියෙන් ඉවත්ව යා යුතු බව දූෂණ විරෝධී සංවිධානවල නිරත ක්‍රියාකාරිකයන් පවසන නමුත් තමා කිසිදු වැරදි ක්‍රියාවක් සිදුකර නැති බවයි, ඇමති සල්මන් කුර්ෂිඩ් කියා සිටින්නේ.

ඉන්දියාවේ පාලක කොන්ග්‍රස් පක්ෂයේ දේශපාලකයන්ට එරෙහිව දූෂණ චෝදනා රැසක් එල්ල වී ඇති අතර මෙය එවැනි අපචාර චෝදනා මාලාවක අලුත්ම වාර්තාවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.