ජගත් සාහිත්‍ය ත්‍යාගය චීන ලේඛකයකුට

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 11 බ්‍රහස්පතින්දා - 17:37 GMT

මෙවර සාහිත්‍ය සඳහා වන සම්මානය චීන ලේඛක මෝ යන් වෙත පිරිනැමීමට ස්වීඩනයේ නොබෙල් ආයතනය තීරණය කර තිබේ.

ඊසාන දිග චීනයේ ශන්ඩොන්ග් ප්‍රාන්තයේ උපත ලැබූ ඔහුගේ කෘති රැසකට පසුබිම්වූයේ එහි කටුක ජීවිතය සහ දරිද්‍රතාවයේ පීඩනයයි.

ජපන් ආක්‍රමණිකයන් යටතේ චීන ගැමි දිවිය පිළිබඳව කියැවෙන, ජාත්‍යන්තර කීර්තියට පත් සිනමා පටයක් බවට පත්වූ රෙඩ් සෝගම් නවකතාවේ රචකයා ලෙස මෝ යාන් චීනයෙන් පිටස්තර ලෝකය තුළ ප්‍රසිද්ධියට පත් සාහිත්‍ය වේදියෙක්.

හැටේ දශකයේ චීන කොමියුනිස්ට් පක්ෂ නායක මාඕ සේතුංගේ නායකත්වයෙන් සංස්කෘතික විප්ලව සමයේ අධ්‍යාපනය හැර ගිය ඔහු දිවි ගෙවුයේ කම්කරුවෙක් ලෙසයි.

පසුව මෝ යන් චීනයේ යුධ හමුදා සේවයේ නිරත විය.

මෝ යන් යනු මෙම ලේඛකයාගේ ආරුඪ නාමය වන අතර, එහි අරුත 'කථා නොකරනු' යන්නයි.

චීනය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට පැනවී ඇති සීමාවන් පිළිබඳව නිහඬව සිටින්නේ යැයි ඇතැම් විචාරකයන්ගේ විවේචනයට මෝ යන් ලක්ව සිටී.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.