පිලිපීන ආණ්ඩුව සහ මුස්ලිම් කැරලිකරුවන් අතර සාම වැඩපිළිවෙලක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 7 ඉරිදා - 16:48 GMT

පිලිපීන ආණ්ඩුව එරට විශාලතම මුස්ලිම් කැරලිකාර සංවිධානය සමග සාම වැඩපිළිවෙලකට එකඟ වී සිටියි.

මේ අනුව එක් ලක්ෂ තිස් දහසකට පමණ මරු කැඳවමින්, දශක හතරක් පුරා පැවති අර්බුදය නිමාවට පත්වෙනු ඇති බවයි විශ්වාස කරන්නේ.

මෝරෝ ඉස්ලාමීය විමුක්ති සංවිධානය සමග පිලිපීන ආණ්ඩුව ඇති කරගත් එකඟතාවට අනුව අර්ධ ස්වයන් පාලනයක් සහිත බංගසාමෝරෝ නමින් කලාපයක් දකුණු පිලිපීනයේ පිහිටුවීමට නියමිතයි.

මෙම වැඩපිළිවෙලට දකුණු පිලිපීනයේ සියලු කැරලි කණ්ඩායම් ඇතුලත් වන බවයි ජනාධිපති බෙනිග්නෝ අකීනෝ ප්‍රකාශ කලේ. ආණ්ඩුව සමග ගිවිසුමකට එළඹීමට හැකිවීම ගැන මෝරෝ ඉස්ලාමීය විමුක්ති සංවිධානය සතුට පළ කළේය. ‍

නව අර්ධ ස්වයන් පාලන කලාපයේ භුමි ප්‍රමානය කෙතරම්දැයි තවමත් නිශ්චිත නැති අතර මෙම යෝජනාව පිලිපීනයේ කතෝලික බහුතරය විසින් ජනමත විචාරනයකදී අනුමත කළ යුතුයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.