පාකිස්ථාන ආණ්ඩුවට ඉම්රාන් ඛාන්ගෙන් චෝදනා

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 7 ඉරිදා - 17:00 GMT

වසිරිස්ථානයට එල්ල කරන ඇමෙරිකානු ගුවන් ප්‍රහාර නැවත්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් පාකිස්ථාන ආණ්ඩුව ඉම්රාන් ඛාන්ගේ දෝෂදර්ශනයට ලක් විය.

වයඹ දිග පකිස්ථානයේදී දහස් සංඛ්‍යාත ආධාර කරුවන් ඇමතූ ඉමරන් ඛාන් කියා සිටියේ සී අයි ඒ සංවිධානය නියමුවන් නොමැති ගුවන් යානා යොදාගෙන එල්ල කරන ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් සිය ගණනක් මිය ගොස් ඇති බවයි.

මේ ගුවන් ප්‍රහාර නිසා තලිබාන් සංවිධානය වඩාත් ශක්තිමත් වී ඇතැයිද ඔහු කියා සිටියේය.

පාකිස්තානයේ ගෝත්‍රික ජනකොටස් දිවි ගෙවන ප්‍රදේශ

පාකිස්තානයේ ගෝත්‍රික ජනකොටස් දිවි ගෙවන ප්‍රදේශ

මීට ඉහතදී පකිස්ථානයෙන් ලද වාර්තාවලින් පැවසුනේ ඇමෙරිකානු ප්‍රහාර වලට එරෙහිව උද්ඝෝෂණයක නිරත වන දහස් සංඛ්‍යාත පකිස්ථානුවන්ට දකුණු වසිරිස්ථානයට ඇතුළුවීමට ඉඩ නොදුන් බවයි.

උද්ඝෝෂකයන් ගමන් ගත් රථ පෙළ පාකිස්ථානු හමුදාව විසින් නැවැත්වූ බවයි විරෝධතා ව්‍යාපාරයේ සංවිධායකයෝ පැවසුවේ.

තලිබාන් සටන්කාමීන්ගෙන් එල්ල වී ඇති තර්ජන හේතුවෙන් රථ පෙළ පාළියට වසිරිස්ථානයට ඇතුළුවීමට ඉඩ නොදුන් බවයි පාකිස්ථානු බලධාරීන් පවසන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.