ඉස්ලාමීය පූජක අබු හම්සා නිව්යෝර්ක් උසාවියකට ඉදිරිපත් කෙරේ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 6 සෙනසුරාදා - 16:28 GMT

බ්‍රිතාන්‍යයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට භාර දුන් ඉස්ලාමීය පූජක අබු හම්සා ඇතුළු ත්‍රස්තවාදී සැකකරුවන් පස් දෙනාගෙන් දෙදෙනෙක් අද කනෙක්ටිකට් (Connecticut ) ප්‍රාන්ත උසාවියට ඉදිරිපත් කෙරිණි.

උසාවියට ඉදිරිපත් කෙරුනේ බාබර් අහමඩ් සහ සයිඩ් තල්හා අහ්සන් යන සැකකරුවන් දෙදෙනායි.

ඇෆ්ඝනිස්තානයේ සහ චෙච්නියාවේ ත්‍රස්තවාදීන්ට උදව් දීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙනුයි ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත් කෙරුනේ.

එම චෝදනාවලට තමන් නිවැරදිකරුවන් වන බවයි සැකකරුවන් දෙදෙනාම කියා සිටියේ.

මුදල් රැස් කිරීමට සහ ප්‍රහාරකයන් බඳවා ගැනීම සඳහා කනෙක්ටිකට් ප්‍රාන්තයේ සිට ක්‍රියාත්මක වෙන අන්තර්ජාල වෙබ් අඩවියක් මෙහෙයවූ බවටත් ඔවුන්ට චෝදනා එල්ල වී තිබේ.

බ්‍රිතාන්‍යය විසින් ඊයේ ඇමෙරිකාවට භාර දුන් සටන්කාමී ඉස්ලාමීය පූජක අබු හම්සාත් අද නිව්යෝර්ක් නගරයේ වෙනත් උසාවියකට ඉදිරිපත් කිරීමට නියමිතයි

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.