සිරියාවට එරෙහි ප්‍රහාරයට තුර්කියේ අනුමැතිය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 4 බ්‍රහස්පතින්දා - 15:50 GMT

තුර්කි පාර්ලිමේන්තුව විසින් සිරියාවට එරෙහිව යුදමය ක්‍රියා මාර්ග ගැනීම සඳහා බලය පවරන ලදී.

තුර්කිය මේ තීරණයට එළඹුණේ සියදේශසීමාවට එල්ල වූ මෝටර් ප්‍රහාරයකින් එරට වැසියන් පස් දෙනකු මිය යාමත් සමගයි.

එහෙත් ඇමතිවරුන් අවධාරණය කළේ එය යුදමය ප්‍රහාර එල්ල කිරීම සඳහා දුන් බල පත්‍රයක් නොවන ආරක්ෂක ක්‍රියා මාර්ගයක් පමණක් බවයි.

සිරියාව මෝටාර් ප්‍රහාරය සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් කණගාටුව පළ කොට ඇති බව තුර්කි නියෝජ්‍ය අගමැති බෙෂීර් අතලයි (Besir Atalay) සඳහන් කළේය.

පාර්ලිමේන්තුව බ්‍රහස්පතින්දා සම්මත කර ගත් නීතිය වසරක් පුරා බල පැවැත්වෙන අතර අවශ්‍ය වුවහොත් එය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබෙනවා. අක්චාකලේ (Akcakale) ගම්මානයට එල්ලවූ ප්‍රහාරයට පලිගැනීමක් වශයෙන් තුර්කියෙන් සිරියාවට එරෙහිව කාල තුවක්කු ප්‍රහාරක් එල්ල කැරිණි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.