හිටපු ඊජිප්තු ජනපති සගයාට කෝටි ගණනින් දඩ

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 4 බ්‍රහස්පතින්දා - 15:08 GMT

මැද සිටින අහමඩ් එස් නඩු නියමිතව සිරගත කොට සිටින හිටපු බලවතුන් ගණනාව අතුරින් අයෙක්

බලයෙන් නෙරපනු ලැබූ ඊජිප්තු ජනාධිපති හොස්නි මුබාරක් පාලන සමයේ බලවත් කෝටි පති ව්‍යාපාරිකයකුට, නීති විරෝධී ලෙස මුදල් ඉපයීමේ වරදට ඩොලර් බිලියන තුනක දඩ මුදලක් ගෙවන ලෙස එරට අධිකරණයක් විසින් නියෝග කැරිණි.

ඊට අමතරව වසර හතක සිර දඩුවමක් ද ඔහුට නියම විය.

පසු ගිය වසරේදී දුෂණ චෝදනාවකට වැරදිකරු කැරුණු ව්‍යාපාරික අහමඩ් එස් දැනටමත් සිටින්නේ වසර දහයක සිර දඩුවමක් ගත කරමින්.

වානේ කර්මාන්තයෙන් ඔහු ඩොලර් බිලියන් ගණන් ඉපයූ ව්‍යාපාරිකයෙක්. එහෙත් හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ගේ පුත් ගමාල් හා එක්ව, දේශපාලන බලය යොදාගනිමින් , වානේ වෙළෙඳ පොළ ඔවුන්ගේ ඒකාධිකාරයක් කර ගත් බවට චෝදනා එල්ලවී තිබුනි.

ඉකුත් පෙබරවාරියේ දී තමන් බලයෙන් පහ කළ 18 දින විරෝධතා ව්‍යාපාරයේ යෙදුනු උද්ඝෝෂකයන් ඝාතනය වලක්වන්නට පියවර නොගැනීමේ වරදට මුබාරක් බන්ධනාගාර ගතව සිටින්නේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිමින්.

ඔහුගේ පුතුන් දෙදෙනා ගමාල් සහ අලා කොටස් වෙළෙඳ පල වංචා සහ දුෂණ චෝදනා යටතේ නඩු පැවරෙන තුරු බන්ධනාගාර ගත කොට සිටිති.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.