බංග්ලාදේශයේ බෞද්ධ ජනතාව රැක ගැනීමට ඉල්ලීමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 3 බදාදා - 17:43 GMT

බංග්ලාදේශයේ බෞද්ධ ජනතාවට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් එරට ආණ්ඩුව වහාම පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ සහ තවත් රටවල් කීපයක භික්ෂුන් වහන්සේ පෙන්වා දෙති.

ජාතික සංඝ සමේලනය කොළඹ දී කැඳවූ පුවත් පත් සාකච්ඡාවක් අමතමින් පුජ්‍ය රජවත්තේ වප්ප ස්වාමින්වන්සේ " ප්‍රධාන ථෙරවාදී රටක් ලෙස ශ්‍රී ලංකාව නිහඩ විය යුතු නැහැ "යැයි පැවසුහ.

අඩක් පිලිස්සී ගිය ශුද්ධ වූ කුරානයේ පිටුවක් ෆේස් බුක් වෙබ් අඩවියේ පළ වීමෙන් පසුව බංග්ලාදේශයේ බෞද්ධ ජනතාවට ප්‍රහාර එල්ල වූ බව පුජ්‍ය රජවත්තේ වප්ප හිමියෝ ප්‍රකාශ කළහ.

කාම්බෝජයේ කාශ්‍යප හිමියන් කියා සිටියේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ ප්‍රහාර නොතකා හැර ඇති බවයි.

බෞද්ධ ජනතාව,විහාරස්ථාන සහ බංග්ලාදේශයේ භික්ෂුන් වහන්සේ රැක ගැනීමට එරට ආණ්ඩුව මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවත් වහාම පියවර ගත යුතු බව පුවත් පත් සාකච්ඡාව ඇමතු බංග්ලාදේශයේ චිතගොන් කඳුරට භික්ෂු සංගමයේ ශ්‍රී ලංකා ශාකාවේ සභාපති රතාන් ස්වාමින්වන්සේ පෙන්වා දුන්හ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.