ටියුනිසියානු පොලිසියට එරෙහිව උද්ඝෝෂණයක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 2 අඟහරුවාදා - 13:53 GMT

ටියුනිසියානු සමාජ ක්‍රියාධරයෝ සියගණනක් එරට පොලිසිය විසින් අශ්ලීල ලෙස හැසුරුණු බව‍ට චෝදනා එල්ල කර ඇති කාන්තාවකට සහාය පළ කිරීම සඳහා උද්ඝෝෂණයක් පැවැත්වුහ.

පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් තමන් දුෂණය කළ බවට පැමිණිලි කළ කාන්තාවකට එරෙහිවයි පොලිසිය අශ්ලීල ලෙස හැසුරුණු බව‍ට චෝදනා ගොනුකර තිබෙන්නේ.

පරීක්ෂණ පවත් වන නිලධාරීන් කාන්තාවගෙන් ප්‍රශ්න කෙරෙමින් තිබෙන උසාවිය ඉදිරිපිට මෙම උද්ගෝෂණය සංවිධානය කර තිබුණි.

මීට මාසයකට පෙර පොලිස් භටයින් දෙදෙනෙකු මෝටර් රථයක් තුළදී තමන් දුෂණය කළ බවයි මෙම කාන්තාව කියා සිටින්නේ.

මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන පොලිසිය කියා සිටින්නේ කාන්තාව තම පෙම්වතා සමග සදාචාර විරෝධි කටයුතු වල නිරත වූ බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.