හැට පැන්න ජනගහනය කෝටි සියය ඉක්මවයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ඔක්තෝබර් 1 සඳුදා - 13:06 GMT

ලෝක ජන සමාජය තුළ අන් සියළුම වයස් කාණ්ඩවලට අයත් ජනතාවට වඩා වැඩිහිටි ජන සංඛ්‍යාව වේගයෙන් ඉහළ යමින් ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

එවැනි තත්වයක් යටතේ උද්ගත වන සමාජමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට බොහෝ පියවර ගත යුතුව ඇති බවත් එම සංවිධානය කියා සිටියි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල නිකුත් කළ වාර්තාවක් පවසන්නේ, ඉදිරි අවුරුදු දහය ඇතුළත වයස අවුරුදු හැටට වැඩි ලෝක ප්‍රජාව කෝටි සීය ඉක්මවන බවයි.

එක්සත් ජාතීන්ගේ වාර්තාවට දායක වෙන හෙල්ප් ඒජ් ශුභාසාධක සංවිධානය මේ අතර නිවේදනයක් නිකුත් කරමින්, විධිමත් මට්ටමින් අරමුදල් සම්පාදනය කෙරුණ විශ්‍රාම වැටුප් ව්‍යාපෘතියක් හඳුන්වා දෙන මෙන් ලෝකයේ රටවලින් ඉල්ලා සිටියි.

සෞඛ්‍යය සංරක්ෂණය සහ රැකියා සම්පාදනය සම්බන්ධයෙන් අළුත් ආරම්භයක් සඳහා මුල පිරිය යුතුව ඇති බවත්, එක්සත් ජාතීන්ගේ වාර්තාව වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.