දකුණු අප්‍රිකාවේ ප්ලැටිනම් ආකර වර්ජනය අවසන්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 20 බ්‍රහස්පතින්දා - 15:46 GMT
African miners

වැඩ වරා සිටි දකුණු අප්‍රිකාවේ ප්ලැටිනම් ආකර කම්කරුවෝ ආපසු රාජකාරියට වාර්තා කළහ.

මාස හයක පමණ කාලයක් නිල නොවන වර්ජනයක නියැලී සිටි කම්කරුවන් සහ රජයේ හමුදා අතර ඇතිවූ ගැටුම් වලදී සිදුවූ වෙඩි තැබීම් වලින් හතලිස් දෙනකුට වැඩි පිරිසක් මිය ගොස් ඇත.

බලාපොරොත්තු වූ මට්ටමින් සිදු නොවුවත්, සියයට විසි හතරක පඩි වැඩි වීම ගැන සෑහීමට පත් විය හැකි බවට යළි සේවයට වාර්තා කළ පතල් සේවකයෝ සතුට පළ කළහ.

මේ හා සමාන වැටුප් වැඩිවීමක් ඉල්ලා සිටින රන් ආකර සේවකයන් පහළොස් දහසක් ද වැඩ වරා සිටිති.

රජයේ හමුදා සීරුවෙන්

ජොහැන්නස්බර්ග් නගරයට වයඹ දෙසින් පිහිටි ආකර ආශ්‍රිත ප්‍රදේශයේ රඳවා ඇති රජයේ හමුදා ලබන ජනවාරි මාසය අවසන් වන තුරු රඳවා තබන ලෙස ජනාධිපති ජාකොබ් සූමා උපදෙස් දී ඇත.

1994 දී දකුණු අප්‍රිකාවේ වර්ණ භේදවාදී පාලනය අවසන් වීමෙන් පසුව එරට යුද හමුදා සීරුවෙන් තැබුන පළමු වතාව මෙයයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.