ජපන් සමාගම් චීනයේ වෙළඳාම අත් හිටුවයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 සැප්තැම්බර් 17 සඳුදා - 13:07 GMT
Demonstrators in the Chinese capital

කුපිතකාරී ක්‍රියාවන්හි නිරත වුනොත් බරපතල ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට චීනය ජපානයට අනතුරු අඟවා තිබේ

නැගෙනහිර චීන මුහුදේ දූපත් කීපයක අයිතිය මුල්කර ගනිමින් චීනය සහ ජපානය අතර උද්ගතව පවතින මතභේදය හේතුවෙන් චීනය පුරා ජපන් විරෝධී මහජන උද්ඝෝෂණ පැතිර යත්ම, ප්‍රධාන පෙළේ ජපන් සමාගම් කීපයක්ම චීනයේ ව්‍යාපාරික කටයුතු අත්හිටුවා තිබේ.

චීනයේ මහජන විරෝධතා ව්‍යාපාරවලදී වෙනත් ජපන් සමාගම් කීපයකට පහර දෙනු ලැබීමෙන් සහ කර්මාන්ත නිෂ්පාදන ආයතන කීපයක් විනාශ කර දමනු ලැබීමෙන් අනතුරුව, පැනසොනික් සහ කැනන් යන ජපන් සමාගම් දෙක චීනයේ පිහිටි සිය සමාගම් වසා දැමීමට පියවර ගත්තේය.

මේ අතර වාර්තාවක් පළ කරන The People 's Daily, චීන කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත නැගෙනහිර මුහුදේ දූපත් මුල් කර ගනිමින් තව දුරටත් කුපිතකාරී ක්‍රියාවන්හි නිරත වුනොත් බරපතල ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවිය හැකි බවට ජපානයට අනතුරු ඇඟවීමක් කොට තිබේ.

මේ අතර ජපානයත් චීනයට අනතුරු අඟවමින්,1930 දී ඊශානදිග චීනය යටත් කර ගනු ලැබීමේ සංවත්සරය උදාවත් සමඟ ලබන අඟහරුවාදා තවත් මහජන විරෝධතා ව්‍යාපාර දියත් වීමේ තත්වයක් ඇති විය හැකි බවයි කියා සිටියේ.

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.