ඇසෑමයේ මුස්ලිම්වරු මුරකාවල් මැද රාමසාන් සමරති

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 20 සඳුදා - 12:53 GMT
Ramadan

වාර්ගික ගැටුම් නිසා අනාථවූවන් කියා සිටින්නේ 1990 ගණන්වලින් පසු ඉතාම දරුණු ප්‍රචණ්ඩ ප්‍රහාරවලට මුහුණ දීමට මෙදා සිදු වූ බවයි

ඊශාන දිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ලක්ෂ ගණනක් මුස්ලිම් අනාථයෝ ඉතා දැඩි ආරක්ෂක රැකවරණ මැද රාමසාන් උත්සවය අනුස්මරණය කළහ.

වංග භාෂාව කතා කරන මුස්ලිම් පදිංචිකරුවන් සහ බහුතරය හින්දූන් වන බෝඩෝ ගෝත්‍රික ප්‍රජාව අතර පැතිර ගිය ගැටුම්වලින් පසුව මුස්ලිම් ජනයාට ඔවුන්ගේ ගේදොර හැරදමා පළායාමට බල කෙරින.

ගැටුම්වලින් හැත්තෑ දෙනකු පමණ මරා දමා ඇති අතර, තුන්ලක්ෂයකට අධික ජනයා අනාථ කඳවුරුවලයි ජීවත් වන්නේ.

එම වාර්ගික ගැටුම් නිසා දෙපාර්ශ්වයේම අනාථවූවන් කියා සිටින්නේ, 1990 ගණන්වලින් පසු ඉතාම දරුණු ප්‍රචණ්ඩ ප්‍රහාරවලට මුහුණ දීමට මෙදා සිදු වූ බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.