
මාධ්‍ය වාරණය ඉවත් කිරීම, පසුගිය වසරේ බලයට පැමිණි සිවිල් ආණ්ඩුව විසින් ක්‍රියාවට නංවනු ලබන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලේ අළුත්ම පියවරයි
ජන මාධ්‍ය සඳහා බල පැවැත්වුන නිල වාරණය ඉවත් කරන බව මියන්මාර් බලධාරීහු නිවේදනය කළහ.
පසුගිය වසරේ බලයට පැමිණි සිවිල් ආණ්ඩුව විසින් ක්‍රියාවට නංවනු ලබන ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙලේ අළුත්ම පියවර එයයි.
මියන්මාර් ආණ්ඩුවේ මාධ්‍ය අධීක්ෂණ සහ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසන්නේ, මාධ්‍යවේදීන් තම වාර්තා ප්‍රකාශයට පත් කරනු ලැබීමට පෙර වාරණ මණ්ඩලය වෙත ඒවා ඉදිරිපත් කිරීමේ උවමනාවක් තවදුරටත් නැති බවයි.
එහෙත් බලධාරීන් මේ වසර මුලදී පොරොන්දු වූ මට්ටමින් නව මාධ්‍ය නීතියක් තවම බල පැවැත්වෙන්නේ නැහැ.
එම තත්වය යටතේ රාජ්‍යයට හානිකර යයි විග්‍රහ කෙරෙන වාර්තා පළකිරීම් සම්බන්ධයෙන් දඬුවම් කිරීමට පවතින වෙනත් රෙගුලාසි පාවිච්චි කිරීමට මියන්මාර් බලධාරීන්ට තවමත් අවස්ථාව ලැබී තිබේ.
කලින් පැවැති යුද හමුදා පාලනය යටතේ මාධ්‍ය වාර්තාවල පටන් ගීපදමාලාවලට පවා බලධාරීන්ගෙන් අවසර ලබා ගත යුතු විය.








