
තාලිබාන් ප්‍රහාරයෙන් පසු මහමග රැකවල්
පකිස්තානයේ ප්‍රධාන ගුවන් හමුදා කඳවුරකට එරට සන්නද්ධ සටන් කාමීන් විසින් ප්‍රහාරයක් එල්ල කරන ලදී.
යුද හමුදා ඇදුමෙන් සැරසුණු තුවක්කු කරුවෝ අද අලුයම ස්වයංක්‍රීය ගිනි අවි සහ අත් බෝම්බ රැගෙන ඉස්ලාමාබාද් අගනුවර ආසන්නේයේ පිහිටි කම්රා ගුවන් හමුදා කදවුරට ඇතුල්වී තිබේ.
තමන් විසින් එම ප්‍රහාරය එල්ල කළ බව තාලිබාන් සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
සෑහෙන වෙලාවක් පැවති වෙඩි හුවමාරුවෙන් සටන් කාමීහු අට දෙනෙක් සහ එක් සෙබලෙක් මිය ගොස් තිබේ.
මේ වන විට ප්‍රහාරක ගුවන් යානා තිහක් පමණ ගුවන් හමුදා කඳවුරේ තිබුණු නමුත් හානි සිදුවී ඇත්තේ එක් යානාවකට පමණයි.
මෙය තාලිබාන් සංවිධානය විසින් යුද හමුදා කඳවුරු වෙත එල්ල කළ ප්‍රහාර මාලාවේ අලුත්ම සිද්ධියයි.







