ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ දුනු, ඊතල තහනම්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 14 අඟහරුවාදා - 14:25 GMT

මධ්‍යම ඉන්දියාවේ චතිස්ගාර් ප්‍රාන්තයේ බලධාරීන් විසින් පනවන ලද නීතියකට අනුව ගෝත්‍රික ජනතාවට තමන්ගේ සාම්ප්‍රදායික ආයුධ අත ඇතිව ප්‍රසිද්ධ ස්ථාන වල සැරිසැරීම තහනම් කොට තිබේ.

මේ තහනම් ආයුධ අතරට දුන්න, ඊතලය, සහ පොරව ද තිබෙන බවයි, වාර්තා වෙන්නේ.

මාවෝවාදී ගරිල්ලන් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් මේ පියවර ගත් බවයි, බලධාරීන් කියා සිටින්නේ.

මේ තහනම තම අයිතිවාසිකම් උල්ලංඝණය කරන්නක් බවයි, ගෝත්‍රික ජනතාව පවසන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.