සිරියාවේ අගමැතිවරයාත් කැරලිකරුවන්ට එකතු වෙයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 අගෝස්තු 6 සඳුදා - 14:30 GMT
Syrian PM Riyad Hijab with President Assad

කැරලිකරුවන්ට එක් වූ සිරියානු අගමැතිවරයා දැනට සිටින තැනක් නිශ්චිත නැහැ

සිරියාවේ අගමැති රියාබ් හිජාබ් (Riyad Hijab) කැරලිකරුවන්ට එකතු වී තිබේ.

ජනාධිපති අල් අසාද් ගේ ආණ්ඩුව ත්‍රස්තවාදී පාලනයකැයි පවසන අගමැතිවරයා, තමාත් සිරියානු විප්ලවයට හවුල් වූ බවයි කියා සිටියේ.

කැරලිකරුවන්ට එක් වූ සිරියානු අගමැතිවරයා දැනට සිටින තැනක් නිශ්චිත නැහැ.

ඔහු ජෝර්දානයට ඇතුල් වූ බවට පළවෙමින් ඇති වාර්තා ජෝර්දාන් ආණ්ඩුවේ ප්‍රකාශකයකු විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිණ.

සිරියානු විපක්ෂයේ ක්‍රියාධරයන් පවසන්නේ, තවත් ඇමති වරුන් දෙදෙනකුත් පළා ගොස් ඇති බවයි.

සිරියානු මුදල් ඇමති මොහමඩ් ජලිලටි ද (Mohammad Jalilati) පළා යාමට තැත් කරද්දී අත් අඩංගුවට ගෙන සිර කර තබා ඇති බවට වාර්තා ලැබෙමින් පවතී.

එහෙත් සිරියානු රූපවාහිනිය මුදල් ඇමතිවරයා සමඟ කළ සාකච්ඡාවක් ප්‍රචාරය කළ අතර එමගින් කියවුනේ , ඇමතිවරයා ඔහුගේ කාර්යාලයේ කටයුතු වල නිරතව සිටින බවයි.

අගමැති රියාද් හිජාබ් ගේ පළා යාම, ජනාධිපති අල් අසාද් ගේ පාලනයට එල්ල වූ මරු පහරකැයි මැද පෙරදිග සිටින බීබීසී වාර්තා කරුවෙක් ප්‍රකාශ කළේය.

දමස්කස් අගනුවර මැද පිහිටි, සිරියානු රාජ්‍ය රූපවාහිනී මන්දිරයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයකින් තුන් දෙනෙක් තුවාළ ලද බවක් ද වාර්තා වේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.