
ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම ඉන්දීය ආර්ථිකයට දැඩි පහරක් විය හැකි බවට විශ්ලේෂකයෝ අනතුරු අඟවති
ප්‍රමාණවත් මෝසම් වැස්සක් නොලැබෙන තත්ත්වයක් යටතේ ඉන්දියාව අවුරුදු තුනක කාලයක් ඇතුළත මුහුණ දෙන පළමු නියඟයට සුදානම් වෙමින් ඇතැයි නිලධාරීහු ප්‍රකාශ කරති.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජනරාල් ලක්ෂ්මන් සිං රතෝර් අදහස් දක්වමින්, ශාන්තිකර සාගර කලාපයේ එල් නිනෝ බලපෑම නිසා ලබන සැප්තැම්බර් මාසයේ වර්ෂාපතනය බලාපොරොත්තු තැබූ මට්ටමට වඩා පහළ එකක් විය හැකි බවයි සඳහන් කළේ.
එල් නිනෝ සමස්ත ලෝකයේම කාලගුණය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරන්නක්.
ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම ආසියාවේ තුන්වැනි ආර්ථික බලවතා වන ඉන්දියාවට දැඩි පහරක් විය හැකි බවට විශ්ලේෂකයෝ මේ අතර අනතුරු අඟවති.
එම තත්වය යටතේ, භාණ්ඩ මිළ ඉහල යාමට ද සංවර්ධනය මන්දගාමී වීමට ද ඉඩකඩ තිබෙන බවයි, විශ්වාස කෙරෙන්නේ.







