ජනාධිපති ඔබාමාට ඉන්දියාවේ විරෝධය

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජූලි 16 සඳුදා - 14:17 GMT
President Barack Obama

ආයෝජන ක්ෂේත්‍රයේ පිරිහීමක් සිදු වෙමින් ඇතැයි සඳහන් කළ ජනාධිපති ඔබාමා, ඒ ගැන කනස්සල්ල පළ කොට තිබිණ

විදේශීය ආයෝජන සම්බන්ධයෙන් දිල්ලි පාලනය බොහෝ අංශ වලදී තහංචි දමන බවක් ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා විසින් ප්‍රකාශ කරනු ලැබීම ඉන්දියාවේ දෝෂ දර්ශනයට ලක්විය.

ජනාධිපති ඔබාමා ඉහත කී අදහස ප්‍රකාශ කර තිබුනේ, Press Trust of India ඉන්දියානු පුවත් සේවය සමග පැවැත්වූ සාකච්ඡාවකදී.

ආයෝජන ක්ෂේත්‍රයේ පිරිහීමක් සිදු වෙමින් ඇතැයි, එම සාකච්ඡාවේදී සඳහන් කළ ජනාධිපති ඔබාමා, ඒ ගැන කනස්සල්ල පළ කොට තිබිණ.

ඉන්දියාවේ ව්‍යාපාර කටයුතු භාර ඇමති වීරප්පා මොයිලි පවසන්නේ, ජනාධිපති ඔබාමා මේ කාරණය සම්බන්ධයෙන් දැනුවත් නැති බවයි.

තවදුරටත් අදහස් දැක් වූ ඇමතිවරයා, වැරදි තොරතුරු පතුරුවා හරින බවට ජාත්‍යන්තර පෙළඹවීම් කණ්ඩායම්වලට දෝෂාරෝපනය කිරීමක් ද කළා.

ඉන්දියාව මේවනවිට සිය ආර්ථිකය ජව ගැන්වීමේ ප්‍රයත්නයක නිරතව සිටින අතර, 2012 පළමු මාස හතර ඇතුළත එරට ආර්ථික වර්ධන වේගය 5.3%ක් බවයි අලුතින්ම නිකුත් කරනු ලැබ ඇති සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.