පාකිස්තානයේ අගමැති ධුරය සඳහා නම් කල ඇමතිට වරෙන්තුවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2012 ජුනි 21 බ්‍රහස්පතින්දා - 13:30 GMT
Makdum shahbudin

පාකිස්තානයේ අගමැති ධුරය සඳහා නම් කල මක්දූම් ෂහබුදින් අත්අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තුවක් නිකුත් කිරීමට එරට විනිසුරුවරයෙක් පියවර ගෙන තිබේ.

විනිසුරුවරයා මෙම වරෙන්තුව නිකුත් කර ඇත්තේ මක්දූම් ෂහබුදින් අගමැතිධුරයට පත්කර ගැනීම සඳහා පාකිස්තානු පාර්ලිමේන්තුව ලබන සිකුරාදා ජන්ද විමසීමට නියමිතව තිබියදී.

සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ සමයේ දී නීති විරෝධී බෙහෙත් ආනයන කළ බවට මක්දූම් ෂහබුදින් ට චෝදනා එල්ල වී ඇත.

පාකිස්තානු ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන ඔහුගේ නම අගමැති ධුරය සඳහා නම් කරන ලද්දේ යුසුෆ් රාසා ජිලානි අගමැති ධුරය සඳහා නුසුදුස්සෙක් බව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමෙන් අනතරුවයි.

ෂහබුදින්ට එරෙහිව වරෙන්තු නිකුත් කිරීම පාකිස්තානු අධිකරණය සහ ආණ්ඩුව අතර දිගු කලක සිට පවතින ගැටුමේ නවතම පියවර යැයි විචාරකයෝ පවසති.

BBC © 2013 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.