
ඉන්දීය ව්‍යවහාර මුදල වන රුපියල, ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තා ගත මට්ටමින් අවප්‍රමාණය වී තිබේ.
යුරෝ මුදල භාවිතා කෙරෙන කලාපයේ මේ වන විට පවතින අර්බුදය ආසියානු වෙළෙඳ පොළටත් බල පෑම,ඉහත කී අවප්‍රමාණ වීමට හේතු වීය යන්න ඉන්දීය මුදල් ඇමති,ප්‍රනාබ් මුකර්ජිගේ විග්‍රහයයි.
රටේ වර්ධනය පෙරට ගෙන යාමට සහ මූල්‍ය හිඟය අභිමුඛයෙහි ප්‍රවේශම් කාරී වීම සඳහා, ආර්ථික අතින් පටි තද කර ගැනීමේ දැඩි ක්‍රියා මාර්ග ගැනීම ඉන්දියාවට අවශ්‍ය කරන බවත් මුදල් ඇමති වරයා කියා සිටියේය.








