මාලි හමුදාව කුමන්ත්‍රණයකින් බලය අල්ලයි

අවසාන යාවත්කාලීන කිරීම :  2012 මැයි 1 අඟහරුවාදා - 12:33 GMT
රුපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරන මාලි හමුදා ප්‍රධානීන්

නගරය අවට වෙඩි හඬ ඇසෙන බව තානාපති නිලධාරීහු පවසති

ආණ්ඩු බලය අත්පත් කරගැනීමට වෙනත් සෙබළුන් පිරිසක් දැරූ උත්සාහය තමන් පරාජයට පත් කල බව මාලි රටේ කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් හමුදා ප්‍රධානීහු පවසති.

බමාකෝ අගනුවර අවට සියලුම වැදගත් ස්ථාන තමන්ගේ පාලනය යටතේ පවතින බව රජයේ රුපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කළ හමුදා ප්‍රධානීහු පැවසූහ.

නගරය අවට වෙඩි හඬ ඇසෙන බවයි තානාපති නිලධාරීන් ප්‍රකාශ කරන්නේ.

බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපති අමදොවු ටවුමනි ටවුරේ හට පක්ෂපාතී ආරක්ෂක නිලධාරියෙක් අත් අඩංගුවට ගැනීමට ගත් උත්සාහයෙන් අනතුරුවයි, රටේ කලබල ඇතිවී තිබෙන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.