අතුරුදහන්වූවන් වෙනුවෙන් වව්නියාවේ පෙළපාලියක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 30 සෙනසුරාදා - 18:37 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයාදෙන ලෙස රජයට බලපෑම් කිරීමේ අරමුණින් වවුනියාවේදී පෙලපාලියක් සංවිධානය කර තිබිණ.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

අතුරුදහන්වූවන් වෙනුවෙන් වව්නියාවේ පෙළපාලියක්

00:04:18

අතුරුදහන් වූවන් පිළිබද වූ අන්තර්ජාතික දිනය යෙදී තිබෙන අගෝස්තු තිස්වෙනිදා.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් අතුරුදහන්වූවන් සොයා දෙන ලෙස රජයට බලපෑම් කිරීමේ අරමුණින් වවුනියාවේදී පෙලපාලියක් සංවිධානය කර තිබිණ.

දෙමළ ජාතික සන්ධානය සහ අතුරුදහන්වූවන් පිළිබදව තොරතුරු සොයා බලන උතුරේත් දකුණේත් සංවිධාන කීපයක පිරිස් විසින් සංවිධානය කොට තිබූ එම පෙළපාලියට පොලිසියෙන් බාධා එල්ල වූ බවයි වවුනියාවෙන් වාර්තා වෙන්නේ.

අතුරුදන්වූවන් සොයා ගැනීම සදහා රජයට කෙරෙණ බලපෑම් තව දුරටත් වැඩි කළ යුතු බවට ස්ථිර නිගමනයකට පැමිණීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් වවුනියාව නගර සභා ශාලාවේදී විශේෂ රැස්වීමක්ද පැවැත්විණ.

රැස්ව සිටි පිරිස අමතා කථිකයින් කීපදෙනෙකුම අදහස් දැක්වූ අතර යුද සමයේදී අතුරුදහන් වූවන් වෙණුවෙන් යම් සාධාරණයක් ඉටු විය යුතු බවත් රජය මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ යුතු බවත් කථිකයන් සියලු දෙනාගේම මතය විය.

ජනාධිපතිවරයාට සන්දේශයක්

අතුරුදහන් වූවන් පිළිබඳ සොයාබැලීමට රජය විසින් පත් කරන ලද කොමිෂන් සභා සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බැවින් ජාත්‍යන්තර මට්ටමේ පරීක්ෂණයක් අවශ්‍ය බවද මෙහිදී කථිකයින් කීපදෙනෙකු විසින්ම පෙන්වා දෙනු ලැබීය.

යුද්ධයේදී තම දරුවන් හා ඥාතීන් අතුරුදහන් වූ කීපදෙනෙකුද මේ අවස්ථාවේදී සිය අත්දැකීම් විස්තර කළහ.

රැස්වීමෙන් අනතුරුව අතුරුදහන්වූවන් පිළිබදව තොරතුරු ඇතුළත් සන්දේශයක් ජනාධිපතිවරයාට යැවීම පිණිස වවුනියාව දිසාපතිවරයාට බාරදීමට හත්සීයක් පමණ දෙනා පෙලපාලියකින් ගමන් කිරීමට උත්සහ ගත් අවස්ථාවේ පොලීසියෙන් බධා එල්ලවිණි.

මේ අවස්ථාවේදී පෙලපාලිකරුවන් සහ පොලිසිය අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණු නමුත් අවසානයේදී පෙලාපාලිකරුවන්ට දිසාපති කාර්යාලය දක්වා යාමට හැකියාව ලැබුණි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.