පකිස්තාන අනාථයන් 'ජාතික ආරක්ෂාවට තර්ජනයක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 29 සිකුරාදා - 13:18 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ශ්‍රී ලංකාවේ රැඳී සිටින පාකිස්තාන ජාතික අනාථයන් පිටුවහල් කිරීමට එරෙහිව පැනවූ තහනම් නියෝගය ඉවත් කරන මෙන් රජය අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කරයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

පකිස්තාන අනාථයන් 'ජාතික ආරක්ෂාවට තර්ජනයක්'

00:00:32

ශ්‍රී ලංකාවේ රැඳී සිටින පාකිස්තාන ජාතික අනාථයන් පිටුවහල් කිරීමට එරෙහිව පැනවූ තහනම් නියෝගය ඉවත් කරන මෙන් රජය අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඔවුන් පිටුවහල් කිරීමට රජය තීරණය කළේ ඔවුන්ගෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල වී ඇති නිසා බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියා අභියාචනාධිකරණය හමුවේ කියා සිටියේය.

මෙම පකිස්තානු ජාතිකයින් වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටින බැවින් ඔවුන් පිටුවහල් කිරීම නීති විරෝධී නොවන බවට රජයේ නීතිවේදියා කරුණු දැක්වීය.

පකිස්තාන ජාතික අනාථයන් අතරින් සමහරැකු අපරාධ ක්‍රියා වලට හවුල් වී ඇති බව සඳහන් කළ ඔහු, මැලේරියාව වැනි මහජන සෞඛ්‍යයට අහිතකර රෝග පැතිරී යාමේ අවදානමක් පවතින බවද පැවසීය.

'පිටුවහල් කළ නොහැකියි'

මෙවැනි අපරාධ ක්‍රියා වලට සම්බන්ධ ඇතැම් විදේශිකයින්ට අනාථයන් පිළිබඳ එක්සත් ජාතින්ගේ කොමිසම පසුගිය කාලයේ අනාථභාවය තහවුරු කරමින් සහතිකයක් නිකුත් කර තිබු බවද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින පකිස්තානු සරණාගතයන්

පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදි ලක්ෂාන් ඩයස් ප්‍රකාශ කළේ මෙම පකිස්තාන ජාතිකයින් පිටුවහල් කළහොත් ඔවුන්ගේ ජීවිතයට අනතුරු සිදුවීමේ අවදානමක් පවතින බවයි.

පවතින දේශීය සහ ජාත්‍යන්තර නීතිමය පසුබිම අධිකරණයට පැහැදිලි කර දුන් ඔහු කියා සිටියේ දේශපාලන රැකවරණ පතා සිටින පුද්ගලයින් පිටුවහල් කළ නොහැකි බවයි.

දැනට පනවා ඇති තහනම් නියෝගය සම්බන්ධයෙන් සැප්තැම්බර් 01 වනදා ප්‍රකාශ කරන බවත් එතෙක් අදාළ තහනම් නියෝගය දීර්ඝ කරන බවත් අධිකරණය නිවේදනය කරනු ලැබීය.

දැනට දේශපාලන රැකවරණ පතා සිටින පකිස්තාන ජාතිකයින් දෙදහසක් පමණ ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව අධිකරණය හමුවේ අනාවරණය විය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.