අලුත්ගම: සිංහල සහෝදරයන් 'සමාව ඉල්ලුවා'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 27 බදාදා - 17:56 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

අලුත්ගම හටගත් ගැටුම්වලින් අනතුරුව දර්ගා නගරයේ ඇතැම් සිංහල වැසියන් මුස්ලිම් වැසියන් හමු වී සිදු වූ දේ පිළිබඳව සමාව ඉල්ලා සිටි බව මුස්ලිම් ප්‍රජා නායකයෝ පවසති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

අලුත්ගම: සිංහල සහෝදරයන් 'සමාව ඉල්ලුවා'

00:03:27

අලුත්ගම, බේරුවල සහ දර්ගා නගරයේ හටගත් ගැටුම්වලින් අනතුරුව දර්ගා නගරයේ ඇතැම් සිංහල වැසියන් මුස්ලිම් වැසියන් හමු වී සිදු වූ දේ පිළිබඳව සමාව ඉල්ලා සිටි බව මුස්ලිම් ප්‍රජා නායකයෝ පවසති.

ගැටුම්වලට සම්බන්ධ වූයේ ප්‍රදේශවාසීන් අතරින් ඉතාමත් සුළු පිරිසක් පමණක් බව සංදේශයට කියා සිටි දර්ගා නගරයේ අධිකාරිගොඩ ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකරු අබ්දුල් කෆූර් මොහමඩ් හිෆාල්, ඒ පිළිබඳව ලජ්ජා වන බව ඒ සුළු පිරිස පවා පසුව කියා සිටි බවත් පැවසීය.

හමුදාපති දයා රත්නායක අලුත්ගම සංචාරයක

"සමහර සිංහල සහෝදරයෝ ඇවිල්ල දුක් කඳුළු හලලා ගියා. සමහර ඇය සමාව ඉල්ලුවා. ඒ වගේ දුක් වෙච්ච හුඟාක් සිංහල සහෝදරයෝ ඉන්නවා අපි අතර," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.

කටකතාවලට රැවටී ගැටුම්වලට යොමුවුණ බව ඇතැමුන් පිළිගත් අතර, සිදු වූ දේ අමතක කොට සාමකාමීව සහජීවනයෙන් කල් ගෙවීමට ප්‍රදේශයේ මුස්ලිම් සහ සිංහල ජනතාව දැන් අදිටන් කරගෙන සිටින බවද අධිකාරිගොඩ ජුම්මා මුස්ලිම් පල්ලියේ භාරකරු කියා සිටියේය.

ගැටුමේදී දේපොළවලට වැඩියෙන්ම හානි වූයේ දර්ගා නගරයේ බව පවසන අබ්දුල් කෆූර් මොහමඩ් හිෆාල්, ගිනි තබා විනාශ කෙරුණු නිවාස 14 කින් තුනක් හැරුණු කොට අනෙක් නිවාස එකොළහේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරක්ෂක හමුදාව විසින් බොහෝ බොහෝ දුරට අවසන් කොට ඇති බවද සංදේශයට පැවසීය.

විනාශ වූ දේපොළ වෙනුවෙන් 'තවමත් ආණ්ඩුවෙන් සතයක්වත් ලැබුණේ නෑ'

ඇතැම් සංවිධාන සහ පුද්ගලයන් දේපොළ විනාශ වූ පිරිසට ආධාර කොට තිබෙන නමුත්, සිදුවු හානිය වෙනුවෙන් මේ වනතුරු ආණ්ඩුවෙන් වන්දි ලැබී නැති බවයි ඔහු පවසන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.