වනාතමුල්ලේ නිවාස කඩා ඉවත් කිරීමේ සුදානමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 20 බදාදා - 11:47 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

කොළඹ වනාතමුල්ල ප්‍රදේශයේ නිවාස කඩා ඉවත් කිරීමේ සුදානමට එරෙහිව එම ප්‍රදේශවාසින් පිරිසක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළහ.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

වනාතමුල්ලේ නිවාස කඩා ඉවත් කිරීමේ සුදානමක්

00:01:51

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ නියෝගයක් උල්ලංඝනය කරමින් නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ වනාතමුල්ල ප්‍රදේශයේ නිවාස කඩා ඉවත් කිරීමට සුදානම් වන බව පවසමින් එම ප්‍රදේශවාසින් පිරිසක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කළහ.

එම ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙන් පෙත්සම ඉදිරිපත් කල නීතිවේදී සුනිල් වටගල පවසන්නේ අදාළ නිවාස කඩා ඉවත් නො කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමකම් කොමිසම නියෝග කර තිබිය දී ඒවා කඩා ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සුදානම් වන බවයි.

'නොකඩන බවට පොරොන්දු වුණා'

‘’පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණය සමයේ නාගරික සංවර්ධන අධිකාරිය මානව හිමිකම් කොමිසමට පොරොන්දුවක් ලබා දුන්නා අදාළ නිවාස කඩා ඉවත් නො කරන බවට. ඒ අනුව එම නිවාස කඩා ඉවත් නො කරන ලෙසටයි කොමිසම නියෝග කර සිටියේ. එහෙත් දැන් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් මෙම නිවාස කඩා ඉවත් කරන බවට නිවේදන නිකුත් කර තිබෙනවා. හමුදා නිලධාරින් යොදා තර්ජනය කරනවා ඉවත් වන ලෙසට’’ යනුවෙන් ඔහු පැවසීය.

පෙත්සම ගොනු කළ වනාතමුල්ල ප්‍රදේශවාසියකු වන ඒ. එන්. නිස්සංක පවසන්නේ තම නිවාස වලට ස්ථිර ඔප්පු පවතින බවයි.

'අපිව යවන්නෙ කුලී ගෙවල් වලට'

කඩා ඉවත් කිරීමෙන් පසුව තමන්ට ලබා දෙන නිවාසවල ඉඩ පහසුකම් ප්‍රමාණවත් නොවන බවට යි ඔහු චෝදනා කරන්නේ.

‘’ කඩා ඉවත්කරන නිවාස වෙනුවට අපට ලබා දෙන්නේ කුලී නිවාස. මාසයකට රුපියල් 3000 ත් 4000 ත් අතර මුදලක් බැගින් වසර 30 ක් ගෙවිය යුතුයි. මේ ආකාරයෙන් ගෙවන්න අපට අපහසුයි.’’ ඔහු කියා සිටියේය.

සංදේශය කල විමසීමක දී අභියාචනාධිකරණ ප්‍රකාශකයෙකු කියා සිටියේ අදාළ පෙත්සම ලියාපදිංචි කොට වැඩිදුර කටයුතු කිරීම සදහා එහි සභාපති විනිසුරුවරයා වෙත යොමු කර ඇති බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.