දෙමළ ජාතික සන්ධානය හා ඉන්දීය අගමැති හමුවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 20 බදාදා - 18:08 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

බලය බෙදීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිවරයා සමඟ සාකච්ජා කිරීමට යන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

දෙමළ ජාතික සන්ධානය හා ඉන්දීය අගමැති හමුවක්

00:03:56

ශ්‍රී ලංකා රජය බලය බෙදීම සම්බන්ධයෙන් ඉන්දීය රජය වෙත ලබා දී ඇති පොරොන්දු සහ ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳව ඉන්දීය අගමැතිවරයා සමඟ සාකච්ජා කරන බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා රජය, විශේෂයෙන් දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන බවට ඉන්දීය රජයට වරින් වර පොරොන්දු දී ඇති බවයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් අද මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ගේ ආරාධනයෙන් දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිසක් බ්‍රහස්පතින්දා ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කරන බව සුමන්දිරන් මන්ත්‍රීවරයා පැවසුවේය.

බලය බෙදීම

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි සහ විදේශ ඇමතිනි සුස්මා ස්වරාජ් සමඟ සාකච්ඡා පවත්වා දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කොට බලය බෙදීම අර්ථවත් අයුරින් සිදු කිරීමට ගත හැකි ක්‍රියා සලකා බැලීම ඉන්දීය සංචාරයේ අරමුන බවයි සුමන්දිරන් මන්ත්‍රීවරයා පැවසුවේ.

වත්මන් පළාත් සභා ක්‍රමය අර්ථවත් අයුරින් ක්‍රියාත්මක නොවන බවයි ඔහු කියා සිටින්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව

උදාහරණයක් වශයෙන් සුමන්දිරන් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ මහා ඇමතිවරයා ජනතා ඡන්දයෙන් පත්ව සිටියත් ඔහුට තමා පාලනය කරන පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරියට උපදෙස් දීමට බලයක් නොමැති බවයි.

මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට තීන්දුවක් ලබා නොදුන්නත් උපදේශන ඇතුළත් නිරීක්ෂණ ඉදිරිපත් කොට ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.