දැරියක් දුෂණය කළ බවට යුද හමුදා සෙබළාට චෝදනා

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 19 අඟහරුවාදා - 18:03 GMT

සෙබළාගේ නම සම්බන්ධ ගැටලුවක් හේතුවෙන් අත්අඩංගුව ප්‍රමාද වෙලා -පොලිසිය

මන්නාරමේ පනන්කට්ටිකෝට්ටු නැමති ගම්මානයේ බාල වයස්කාර දැරියක් දූෂණය කළේ යැයි කියන යුද හමුදා සෙබළා වහාම අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ මෙන් මන්නාරම දිසා විනිසුරුවරිය වූ ආනන්දි කනගරත්නම් අඟහරුවාදා පොලිසියට නියෝග කොට තිබේ.

පොලිසිය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මන්නාරම අධිකරණයට ඉදිරිපත් කරණ ලද තොරතුරු සැලකිල්ලට ගෙන දිසා විනිසුරුවරිය එම තීරණය ලබා දුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ පැවසුවේ.

අවුරුදු 14 හැවිරිදි දැරිය දූෂණයකට ලක් ව ඇති බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් පොලිසියට දැනුම් දෙනු ලැබ ඇත.

දැරිය දූෂණය කිරීමේ චෝදනාව දැරිය ජීවත් වූ ප්‍රදේශයේ හමුදා කඳවුරක සෙබළෙකු වෙත ඉදිරිපත් වී ඇති බව පොලිස් ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය.

එම සෙබළාගේ නම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුවක් හේතුවෙන් ඔහුව අත් අඩංගුවට ගැනීම ප්‍රමාද වී අති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළේය.

දැරිය දූෂණය කරණ අන්දම තමන් දුටුවේ යැයි කියන පුද්ගලයෙකුගෙන් ද සාක්කි සටහන් කර ගෙන ඇති බව ද පොලිසිය පැවසිය.

සැකකරුවා අත් අඩංගුවට ගැනීමට මන්නාරම පොලිසිය පියවර ගෙන ඇතයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ කියා සිටියේ ය.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.