'දැක්වූ සහයෝගයට ස්තුතියි' ! - මහේල

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 18 සඳුදා - 14:41 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

වසර ගණනාවක් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නට ලැබීම වාසනාවක් යැයි ටෙස්ට් ක්‍රිකට පිටියෙන් සමුගත් මහේල ජයවර්ධන පවසයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

'දැක්වූ සහයෝගයට ස්තුතියි' ! - මහේල

00:03:13

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම පිතිකරුවකුවන මහේල ජයවර්ධන අද ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියට සමුදුන්නේය.

ඔහුගේ සමුගැනීම වර්ණවත් කරමින් පකිස්ථානය සමග පැවති අවසන් ටෙස්ට් තරගය ලකුණු 105කින් ජයගැනීමටද ශ්‍රී ලංකාවට හැකිවිය.

පකිස්ථාන දෙවන ඉනිම ලකුණ 165ක් ලෙස සටහන් වෙද්දී අවසන් කඩුල්ල ලෙස වහබ් රියාස් දවගන්නට රංගන හේරත් සමත්වුනේ එස් එස් සි ක්‍රීඩාංගනය සැණකෙළි පිටියක් බවට පත්කරමින්.

වසර 17ක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තරයේ ඔසවා තැබූ මහේල ජයවර්ධන සිය කර මතට තබා ගත් කනිෂ්ට ක්‍රීඩකයන් ඔහුව පිටිය වටා රැගෙන් ගියේ ජය පරාජය හමුවේ තමන් සමග සිටි ක්‍රීඩාලෝලීන්ට ස්තුතිය පුදකරමින්.

ජනපතිගෙනුත් උපහාර

මහේලගේ අවසන් ටෙස්ට් තරහය දැක බලාගැනීමට මහේලගේ පවුලේ සාමාජිකයන්, ඔහුගේ හිටපු පුහුණුකරුවන්, මහේල සමග ක්‍රීඩා කල ක්‍රීඩකයන් විශාල පිරිසක් පැමිණ සිටියහ.

එම අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂද එක්වුණු අතර ඔහු මහේලට විශේෂ උපහාරයක්ද දැක්වුවේය.

තම අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන් පසු මාධ්‍යවේදීන් අමතමින් මහේල ප්‍රකාශ කළේ, 2015 දී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තම අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලිය වනු ඇති බවයි.

මෙහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය ගැන කලකිරී ඔහු ඉවත්වුණු බවට පලවු වාර්තාද සිහි ගන්වමින් මාධ්‍යවේදියෙකු මහේලගෙන් විමසුවේ ඔහු ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගන්නේ සතුටින්ද යන්නය.

'මම යන්නේ සතුටින්'

එයට ප්‍රතිචාර වශයෙන් මහේල පැවසුවේ " සතුටින් අනිවාර්යෙන්ම, අපිට ඉදිරියේ ටෙස්ට් තරගාවලි අඩුය්, මම තරුණ වෙන්නේ නැහැ වයසට යනවා, ඒ ටෙස්ට් තරග නැති කාලය තුල අලුත් ක්‍රීඩකයන් ගොඩනැගිය හැකිය" යනුවෙන්.

පසුගිය විස්සයි විස්ස ලෝක කුසලානය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින් හා තමන් අතර ඇතිව තිබු මතභේදය මෙම සමුගැනීමට හේත් නොවූ බවද මහේල පැවසුවේය.

"මම හරිදෙට හරිය වැරදි දේට වරදිය් කියල කියන පුද්ගලයෙක්, මම ඒ විස්සයි විස්ස තරගාවලියේ මට වුනු අසාධාරණය ගැන කිව්වා, එතනින් එහාට ඒ ප්‍රශ්නෙ ඉවරයි, මේ තීරණ වලට එක බලපාන්නේ නැහැ, නමුත් මට අසාධාරණයක් වෙනවා නම් මම ඕගොල්ලන්ට කියන්නම්"

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි ආනාගතය සුභවාදී බව පැවසූ මහේල ජයවර්ධන තමන්ගෙන් පසු තම ස්ථනය ගැනීමට දක්ෂ ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව සතු බවයි ප්‍රකාශ කළේ.

" මුරලි ගියාම කිව්වේ අපිට තරග දිනන්න බැහැ කියලා, අපි රටින් පිටත් තරග දිනලා පෙන්නුවා, අපිට දක්ෂ ක්‍රීඩකයන් ඉන්නවා" යනුවෙන් ඔහු පැවසීය.

'දේශපාලනයට එන්නේ නැහැ'

මෙහිදී මහේලට බිබිසිය යොමුකළ ප්‍රශ්නයක් වුයේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගිය පසු මාවන් අතපත්තු මෙන් ක්‍රිකට් පුහුනකරුවෙක් වන්නේ ද නැතිනම් සනත් ජයසුරිය මෙන් දේශපාලනයට හෝ ක්‍රිකට් පරිපාලනය එක්වෙනවාද යන්නය.

එයට මහේල පිළිතුරු ලබාදුන්නේ සිනාවක්ද සමගින් "ඒ දෙකටම මට ඉවසීම මදි, දේශපාලනයට ගියොත් මට ගෙදරින් යන්න වෙයි" යනුවෙන් පවසමිනි.

“මම ඔබ සියලු දෙනාට ම ආදරය කරනවා, වසර ගණනාවක් තිස්සේ මට දැක්වූ සහයෝගයට ස්තුතියි, මගේ ක්‍රිකට් හැකියාවෙන් තවත් කුඩා කොටසක් ඉතුරු වෙලා තියනව. ලෝක කුසලාන තරඟාවලියේ දී ඒ ශක්තිය මුළුමනින්ම යොදා ගන්න බවට මම පොරොන්දු වෙනව. යනුවෙන් තමා දිරිමත් කළ ක්‍රීඩා ලෝලීන් ඇමතීමට ද ඔහු අමතක නොකළේය.

'මේ තොප්පිය මට ආඩම්බරයක් වුණා'

අවසාන වශයෙන් අදහස් දැක්වූ මහේල “ මං දන්නේ නැහැ මොනවාද කියන්න ඕන කියල එත් මම පොරොන්දු වෙනවා මම අඬන්නෙ නැහැ කියල. මගේ කණ්ඩායමේ සාමාජිකයන්ටත් මගේ ස්තුතිය හිමි වෙනව. මේ තරම් වසර ගණනාවක් ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්න ලැබීම වාසනාවක්. මම හැමදාම මේ තොප්පිය පැළඳගෙන හිටියේ ලොකු ආඩම්බරයකින් සහ ගෞරවයකින්” යනුවෙන් ද පැවසීය.

ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගත් මහේල ටෙස්ට් තරඟ 149 ක දී ශතක 34 ක් ඇතුළත් ලකුණු 11,814 ක් ලබා සිටියේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.