සුසිලා ගුරු මවට නැවතත් මරණ තර්ජන

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 5 අඟහරුවාදා - 18:10 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ආනන්ද සරත් කුමාර විසින් දණ ගස්වනු ලැබූ නවෝද්‍යා පාසලේ සුසිලා හේරත් ගුරුවරියට නැවතත් මරණ තර්ජන එල්ල වේ.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

සුසිලා ගුරු මවට නැවතත් මරණ තර්ජන

00:01:30

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ආනන්ද සරත් කුමාර විසින් දණ ගස්වනු ලැබූ නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරිය, තමන්ට නැවතත් මරණ තර්ජන එල්ල වී ඇති බව පවසයි.

අද අඟහරුවාදා නවගත්තේගම පොලිසියට පැමිණිල්ලක් කරමින් ප්‍රියානි සුසිලා හේරත් ගුරුවරිය කියා සිටියේ ඇය ඇතුළු පවුලේ සියලු දෙනා මරණ බවට තර්ජනය කර අද පෙරවරුවේ ලිපියක් ලැබුණු බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ආනන්ද සරත් කුමාර දෙදහස් දහතුන වසරේ ජුනි මස දාහතර වන දින නවගත්තේගම නවෝද්‍යා පාසලේදීයි සුසිලා හේරත් ගුරුවරිය දණ ගස්වනු ලැබුවේ.

ගුරු මවට දඬුවම්

තම දියණියගේ පාසල් නිල ඇඳුම දික් කරන ලද බව පවසමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයා විසින් ගුරුවරිය දණ ගැස් වූ බවයි පැවසුනේ.

ඒ පිළිබඳ නඩු විභාගය ආනමඩුව සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ හා පුත්තලම මහාධිකරණයේ වසරකට අසන්න කාලයක් විභාග විය.

නඩුව අවසානයේ ගුරුවරිය දණ ගැස්වීමේ චෝදනාවට වරදකරු වූ ආනන්ද සරත් කුමාර හිටපු මන්ත්‍රීවරයාට වසර හතකට අත්හිටවූ බරපතළ වැඩ සහිත වසර දෙකක සිර දඬුවම් ලබා දීමට පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසින් නියෝග කළේය.

මළසිරුර

ඊට අමතරව අධිකරණය විසින් හිටපු මන්ත්‍රීවරයාට නියෝග කර සිටියේ රුපියල් ලක්ෂ තුනක මුදලක් වන්දියක් ලෙස ගුරුවරියට ලබා දෙන ලෙසයි.

මේ අතර එම නඩුවේ ප්‍රබල සාක්ෂිකරුවෙකු වූ පුන්‍යසෝම නමැති පුද්ගලයාගේ මළසිරුර මීට දින කිහිපයකට ඉහතදී ළිඳක තිබී සොයා ගෙන තිබේ.

මේ සිදුවීම් මාලාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ලංකා ගුරු සේවා සංගමය පොලිස්පතිගෙන් ඉල්ලා සිටියි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.