මිහින් ලංකා පාඩුව ඉහළට - කෝප් කමිටුව

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 5 අඟහරුවාදා - 17:08 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මිහින් ලංකා ගුවන් සමාගමේ 2013 වසරේ පාඩුව රුපියල් බිලියන 3.3 ක් බව කෝප් කමිටුවේ අතුරු වාර්තාවක් සඳහන් කරයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මිහින් ලංකා පාඩුව ඉහළට - කෝප් කමිටුව

00:03:44

මිහින් ලංකා ගුවන් සමාගමේ පාඩුව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ අතුරු වාර්තාවකින් මේ බව අනාවරණය වෙයි.

මිහින් ලංකා ගුවන් සමාගමේ 2013 වසරේ පාඩුව රුපියල් බිලියන 3.3 ක් බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු කෝප් කමිටුවේ අතුරු වාර්තාවක් සඳහන් කරයි.

2012 වසරේ රුපියල් බිලියන 1.9 ක්වූ මිහින් ලංකා පාඩුව මෙම වසරේ වැඩිවී ඇති බවයි, කෝප් කමිටුවේ සභාපති අමාත්‍ය ඩිව් ගුණසේකර වාර්තාව පිලිබඳව අදහස් දක්වමින් පැවසුවේ.

" මිහින් ලංකා පාඩුව වැඩිවෙලා, ඒකට හේතුත් අපි වාර්තාවේ සඳහන් කරලා තියෙනවා, මේ හැම එකක්ම දුෂණ කාරණා නෙවෙයි , මිහින් ලංකා සමාගමට, ශ්‍රී ලංකන් සමාගමට ආණ්ඩුවෙන් මුල්‍ය ප්‍රාග්ධනය දුන්නේ නැහැ, ඔවුන් කිව්වා මේක පටන් ගන්න බැංකුවෙන් ණය අරගන්න කියලා, ඉතින් පොළි ගෙවන්න ගියාම විශාල වශයෙන් ප්‍රශ්න"

මෙම අතුරු වාර්තාවෙන් රජයේ වාණිජ ආයතන 18 ක් හා ලාභ පරමාර්ථයෙන් තොරව පවත්වාගෙන යන ආයතන 29 ක් පරික්ෂාවට ලක් කොට තිබේ.

දිගින් දිගටම පාඩු

මිහින් ලංකා සමාගමට අමතරව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා ධිවර සංස්ථාව දිගින් දිගටම පාඩු ලබන බවයි වාර්තාවේ සඳහන් වන්නේ.

" සමහර ආයතන තියෙනවා අලාභ අඩු කරගෙන තිබෙනවා, විදුලි බල මණ්ඩලය ලාභ ලබනවා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අලාභය අඩු කරගෙන තියෙනවා," කමිටුවේ සභාපති අමාත්‍ය ඩිව් ගුණසේකර පැවසුවේය.

මේ වාර්තාව මගින් රජයේ ආයතනවල ප්‍රමාණවත් විනිවිදභාවයක් දක්නට නොලැබුණු ගනුදෙනු පිළිබඳව සහ පිරිමැසුම්කාරී නොවන ගනුදෙනු පිළිබඳව අනාවරණය කර ගෙන තිබේ.

දැඩි තීන්දු

සංදේශය කෝප් කමිටුවේ සභාපති අමාත්‍ය ඩිව් ගුණසේකරගෙන් විමසුවේ ජනතාවගේ මුදල් නාස්තිකරමින් දිගින් දිගටම පාඩු ලබන මිහින් ලංකා වැනි ආයතන සම්බන්ධයෙන් වසරක් වසරක් පාසා වාර්තාවලින් අනාවරණය කිරීමට අමතරව ඒ සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට කෝප් කමිටුව නොහැකිද යන්නයි.

ඊට පිළිතුරු දුන් කමිටුවේ සභාපති අමාත්‍ය ඩිව් ගුණසේකර පැවසුවේ;

" අපිට දැඩි තීන්දු ගන්න බැහැ, දැඩි තීන්දුව ගන්න ඕනේ අදාල අමාත්‍යංශ. ඒක විධායකයේ ප්‍රශ්නයක්, මිහින් ලංකා ප්‍රධාන හේතුව ඔවුන්ට ප්‍රාග්ධනය නොදීම, ඔවුන් ණය ගත්ත දැන් ණය ගෙවා ගන්න බැහැ, ඒකට ලොකු සර්ජිකල් ඔපරේෂන් එකක් කරන්න ඕනේ, අපි යෝජනා කරන්නේ මිහින් ලංකා සහ ශ්‍රී ලංකන් සමාගම් එක් කරන්න කියලා"

රාජ්‍ය ආයතනවල වැදගත් තනතුරු සඳහා පුද්ගලයන් පත්කිරීමේදී අවම සුදුසුකම් සලකා බැලිය යුතු බවට ගියවර වාර්තාවෙන් කළ යෝජනාව තවමත් ක්‍රියාත්මකවී නැති බවයි මෙහිදී අදහස් දැක්වූ කෝප් කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසුවේ.

මෙහිදී මාධ්‍යවේදිනියක් කෝප් කමිටුවේ සභාපති අමාත්‍ය ඩිව් ගුනසේකරගෙන් විමසුවේ මෙවැනි යෝජනා ක්‍රියාත්මක නොවන්නේ ඇයිද යන්නයි. ඒ පිළිබඳව තමාගෙන් නොව විධායකයෙන් විමසිය යුතු බවයි ඔහු පැවසුවේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.