නීතීඥ සංගමයේ සභාපතිට තවමත් ආරක්ෂාව නැහැ

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 5 අඟහරුවාදා - 13:20 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට දැනුම් දී සිටියේ පැමිණිල්ලක් ඉදිරිපත් කල යුත්තේ නිතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයාට බවයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

නීතීඥ සංගමයේ සභාපතිට තවමත් ආරක්ෂාව නැහැ

00:01:38

තර්ජන වලට ලක්ව සිටින ශ්‍රී ලංකා නීතිවේදීන්ගේ සංගමයේ සභාපති නීතිවේදී උපුල් ජයසුරියගේ ආරක්ෂාව සඳහා නිලධාරින් ලබා දීමට තමන්ට බලයක් නොමැති බව බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට දැනුම් දෙයි.

නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට දැනුම් දී සිටියේ තර්ජනයක් තිබේ නම් ඒ පිළිබඳව මුලින්ම පැමිණිල්ලක් ඉදිරිපත් කළ යුත්තේ නිතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයාට බවයි.

එවැනි පැමිණිල්ලක් ඉදිරිපත් වූ පසුව තර්ජනවල ස්වභාවය පිළිබඳව බුද්ධි අංශ යොදා පරීක්‍ෂණයක් පවත්වා නිසි තක්සේරුවක් ලබාගැනීමෙන් පසුව පමණක් නිලධාරීන් ලබාදීම පිළිබඳව තීරණයක් ගන්නා බවද පොලිස් අධිකාරිවරයා විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.

විරෝධය

එම අවස්ථාවේ නීතිවේදීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් ඊට විරෝධය පල කළ බව එම සංගමයේ ලේකම් නීතිවේදී අජිත් පතිරණ පැවසුවේය.

“සභාපති උපුල් ජයසුරිය මහතාට නොකඩවා තර්ජන එල්ල වී තිබෙනවා. ඔහුට අවම වශයෙන් ආරක්ෂාව සඳහා නිලධාරීන් දෙදෙනෙකු අවශ්‍ය බව අපි දැනුම් දුන්නා. ඒ අනුව මහේස්ත්‍රාත් වරයා නිතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයාට නියම කළා ලබන සිකුරාදා අධිකරණය හමුවේ මේ පිළිබඳව කරුණු දක්වන ලෙසට” නීතිවේදී අජිත් පතිරණ ප්‍රකාශ කළේය .

බුද්ධි අංශ සහ මුර සංචාර

කෙසේ වෙතත් පොලිසිය අධිකරණය හමුවේ පැවසුවේ නිලධාරීන් ලබා නුදුන්නද බුද්ධි අංශ සහ මුර සංචාර යොදවා ජයසුරිය නීතිවේදියාගේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇති බවයි.

එය ප්‍රමාණවත් නොමැති බව සඳහන් කල නීතිවේදීන්ගේ සංගමයේ නීතිවේදීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සභාපතිවරයාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරින් ලබා දෙන ලෙසයි.

නඩු විභාගය ලබන සිකුරාදාට කල් තැබූ අධිකරණය එදිනට මේ පිළිබඳව කරුණු දක්වන මෙන් පොලිසියට නියම කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.