'ආණ්ඩුව බුද්ධ ශාසනය විනාශ කරනවා' අස්ගිරි මහ නාහිමි

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 4 සඳුදා - 17:00 GMT

අස්ගිරි මහා නායක හිමියෝ

එක සිය දහනම වෙනි සමස්ත ලංකා දහම් පාසල් ජාතික දිනය නිමිත්තෙන් පැවති උත්සවයක් අමතමින් අස්ගිරි නාහිමියන් කියා සිටියේ පවතින රජය බුද්ධ ශාසනය විනාශ කිරීමට කටයුතු කරන බවයි.

එක්දහස් අටසිය පහළොවේ සිට බල පැවැත්වුන ව්‍යවස්ථා යටතේ බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමටත්, නගා සිටවීමටත්, පෝෂණය කිරීමටත්, ආණ්ඩුව බැඳී සිටියත් වර්තමානයේ එය සිදු නොවන බවයි අස්ගිරි මහ නාහිමියන් පෙන්වා දෙන්නේ.

තව දුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, විහාරස්ථානයක සංවර්ධන කටයුතු සඳහා රජයෙන් මුදල් ආධාර ලබා ගැනීමට ප්‍රථම විහාරස්ථානය සතු ඉඩම රජයට ලියවිල්ලකින් පැවරිය යුතු බවට දැනුම් දීමක් කර ඇති බවයි.

ශාසන පනත ඉදිරිපත් කොට දැනට වසර හතරක් ගත වුවත් පාර්ලිමේන්තු මැතිවරණය සහ දිය වඩන නිලමේ තනතුර නැවත පත් වන තුරු පනත සම්මත නොකර සිටිය යුතු බවට රහස් සාකච්ඡා රජය විසින් ගෙන යන බවට තමන් වහන්සේට තොරතුරු ලැබී ඇති බව පැවසු මහ නාහිමියෝ මේ කාරණා සම්බන්ධයෙන් අගමැති තුමන් දැනුවත් දැයි ප්‍රශ්න කළහ.

අගමැති ප්‍රතිචාරය

උත්සවය අතර තුර රෝහණ දිසානායක සහ ලක්ෂ්මන් වසන්ත පෙරේරා යන ප්‍රදේශයේ අමාත්‍යවරුන් මේ සම්බන්ධයෙන් මහා නාහිමියන්ට කරුණු පැහැදිලි කිරීමට ඉදිරිපත් වූහ.

අමාත්‍යවරුන් කියා සිටියේ මධ්‍යම රජයෙන් එවැනි කිසිදු දැනුම් දීමක් සිදු නොකළ අතර, පළාත් සභා විසින් එවැනි ක්‍රියාවක් සිදු කළේ දැයි නිශ්චිත වශයෙන් නොදන්නා බවයි.

සමස්ත ලංකා දහම් පාසල් ජාතික දින රැස්වීම අමතමින් අගමැති දි.මු.ජයරත්න කියා සිටියේ 'අගමැති ධුරය අහෝසි කොට බල තල වලින් අඩු ජනාධිපති ධුරයක්' හඳුන්වා දිය යුතු බවයි.

එසේම මහ නාහිමියන්ට ඇතැමුන් වාසි තකා වැරදි තොරතුරු දීමට ඉඩකඩ ඇති හෙයින් ප්‍රවේශමෙන් ඒවා සලකා බැලිය යුතුව ඇති බවයි අගමැතිවරයා සඳහන් කළේ.

වැඩි තොරතුරු සඳහා

සබැඳි තේමා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.