මහේල 'සියල්ලෙන් සපිරි' ක්‍රීඩකයා

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 3 ඉරිදා - 17:25 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ හා හිටපු ප්‍රවීණ ක්‍රීඩකයෝ අදහස් දක්වති.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මහේල 'සියල්ලෙන් සපිරි' ක්‍රීඩකයා

00:04:10

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ප්‍රවීණ ක්‍රීඩක මහේල ජයවර්ධන, එළඹෙන පකිස්ථාන ටෙස්ට් තරගාවලියෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට නියමිතයි.

මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රීඩාවෙන් සමු ගැනීම පිළිබඳ ක්‍රීඩා ලෝලීන්ද දැඩි අවධානයෙන් පසුවේ.

මහේලගේ එම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් හා හිටපු ප්‍රවීණ ක්‍රීඩකයන් ඇතුළු ක්‍රිකට් පුහුණුකරුවෝ විවිධ ආකාරයේ අදහස් දැක් වුහ.

මහේල ජයවර්ධන දක්ෂතා සියල්ලෙන් සපිරුණු පරිපුරිණ ක්‍රීඩකයෙක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක හා වර්තමාන ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය පැවසුවේය.

විශ්වාසය

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන දඟ පන්දු යවන්නා වශයෙන් ක්‍රීඩා කරන රංගන හේරත්ට පැවසුවේ මහේල ජයවර්ධන කණ්ඩායමේ සිටි විශ්වාසය තැබිය හැකි ක්‍රීඩකයන්ගෙන් එක් අයෙක් බවයි.

මහේලගේ හිඩැස පිරවීම ඉතා අසීරු කටයුත්තක් වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායක ලහිරු තිරිමාන්න පැවසුවේය.

මහේල ක්‍රීඩා කරන එස් එස් සී ක්‍රීඩා සමාජය නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් අදහස් දක්වමින් මහේල ටෙස්ට් ක්‍රීඩාවෙන් නික්ම යාම තරුණ ක්‍රීඩකයන්ට ඔහුගෙන් ඉගෙන ගැනීමට ඇති අවස්ථාවක් අහිමි වීමක් ලෙස හඳුන්වයි.

විශිෂ්ටයි

ක්‍රිකට් පුහුණුකරුවෙකු වන අනූෂ සමරනායක පවසන්නේ ශ්‍රී ලංකාව බිහි කළ විශිෂ්ටතම පිති කරුවන් කිහිප දෙනාගෙන් මහේල එක් අයකු බවයි.

මහේල මෙතරම් ඉක්මනින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගනු ඇතැයි තමන් බලාපොරොත්තු නොවූ බව ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩක ෆර්විස් මහරුෆ් පැවසුවේය.

තරුණ ක්‍රීඩකයෙකු වන කෞෂල් සිල්වා පැවසුවේ මහේලගේ අඩුව පිරවීම අපහසු වුවත් ඒ පිළිබඳ පසුතැවී නොසිට කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ඉදිරියට යා යුතු බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.