දමිල සරණාගතයන් නාවුරු දූපතට

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 2 සෙනසුරාදා - 16:34 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ඕස්ට්රේලියානු මුහුදු තීරයට ඇතුල් වී සිටි දමිල සරණාගතයන් 157 දෙනා නාවුරු දූපතට ගෙන ගිය බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

දමිල සරණාගතයන් නාවුරු දූපතට

00:01:54

ඉන්දියාවේ සිට ඕස්ට්‍රේලියානු මුහුදු තීරයට ඇතුල් වී සිටි දෙමළ සරණාගතයන් 157 දෙනා, පළමුව ඕස්ට්‍රේලියානු භූමියට ගෙන ගියත් දැන් ඔවුන් නාවුරු දූපතට ගෙන ගිය බව එරට ආණ්ඩුව පවසයි.

එම සරණාගතයන්ගෙන් වැඩි දෙනා ඉන්දියාවේ දිගු කලක් ජීවත් වෙමින් සිටි ශ්‍රී ලාංකික සම්භවයක් සහිත දෙමළ ජනයා බවටයි සැලකෙන්නේ.

සරණාගතයන් ඉන්දියානු නිලධාරීන් මුණ ගැසීම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන්ගේ අයදුම්පත් සලකා බලනතෙක් නාවුරු දූපතට ගෙන ගිය බවයි ,ඕස්ට්‍රේලියානු බලධාරීන් කියා සිටියේ.

මේ අතර මාධ්‍යවේදීන් අමතමින් ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට් සරණාගතයන් සම්බන්ධයෙන් උද්ගතව පවතින අලුත් ම තත්වය විස්තර කළේය.

“මේ කණ්ඩායම දීර්ඝ කාලයක් ඉන්දියාවේ ජීවත් වුන අය. ඉන්දියාවේ පුරවැසි භාවය තියන පුද්ගලයන්. ඒ නිසා මේ කණ්ඩායම ආපසු ඉන්දියාවටම යවනවා ඇති” යනුවෙන් ඔහු පැවසීය.

'සංක්‍රමණික නීති බලපානවා'

මේ අතර ප්‍රකාශයක් කරන ඕස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු භාර ඇමති ස්කොට් මොරිසන් කියා සිටියේ, ළමුන් පහළොවක් ද ඇතුළත් සංක්‍රමණිකයන් 157 දෙනා නාවුරු දූපතේ පදිංචි කිරීමට හෝ ඔවුන්ගේ මුල් බිම වන ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට කටයුතු කරන බවයි.

එම සංක්‍රමණිකයන් පසුගිය ජුනි මාසයේ ඔස්ට්‍රේලියාව බලා ගමන් ආරම්භ කර තිබෙන්නේ ඉන්දියාවේ පොන්ඩිචේරියේ සිටයි.

ඔස්ට්‍රේලියාව දැනට අනුගමනය කරන සංක්‍රමණික නීති එම කණ්ඩායමට බලපාන බවයි, සංක්‍රමණික කටයුතු භාර ඇමති ස්කොට් මොරිසන් පවසන්නේ.

සිඩ්නි නගරයේ අනාථයන් සඳහා වන ක්‍රියාකාරී සන්ධානයේ සම්බන්ධීකාරක ඉයන් රින්ටුල් සමග බීබීසිය කළ දුරකථන සාකච්ඡාවකදී, ඔහු පැවසුවේ ඕස්ට්‍රේලියානු ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගයෙන් තමා විස්මයට පත් වූ බවයි.

ඉන්දියානු නිලධාරීන් හමු නොවීම

සරණාගතයන් ඉන්දීය නිලධාරීන් සමඟ කතා කිරීම ප්‍රතික්ෂේප කළේ කුමක් නිසාද? යන ප්‍රශ්නයට පිළිතුරු දුන් ඉයන් රින්ටුල් පැවසුවේ, මෙම සරණාගතයන් ඉන්දියානු නිලධාරීන් සමග කතා කිරීමේ නියත හේතුවක් නොමැති බවයි.

“මේ ශ්‍රී ලංකික දෙමළ සරණාගතයන් ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කටයුතු කරමින් තිබිය දී ඉන්දියානු නිලධාරීන් එයට සහභාගී වුනේ නැහැ. ඒ නිසා දෙමළ අනාථයන් ඉන්දීය නිලධාරීන් මුණ ගැසුනේ නැහැ” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුව ගත් ක්‍රියා මාර්ගයට එරෙහිව නීතිවේදීන් අධිකරණය ඉදිරියේ අභියෝග කරනු ඇති බවත් අනාථයන් සඳහා වන ක්‍රියාකාරී සන්ධානයේ සම්බන්ධීකාරක ඉයන් රින්ටුල් කියා සිටියි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.