නිර්මලාගෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 අගෝස්තු 1 සිකුරාදා - 17:41 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ඝාතනය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට චෝදනා කෙරුණත් එය පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වී ඇති බව නිර්මලා ද අල්විස් ගේ අදහසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

නිර්මලාගෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක්

00:09:04

සාපරාධී ලෙස ඝාතනය කෙරුණ තම සැමියා වන ප්‍රේමකීර්ති ද අල්විස් වෙනුවෙන් යුක්තිය ඉටු කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව නිර්මලා ද අල්විස් බීබීසී සංදේශයට ප්‍රකාශ කළාය.

අසූව දශකයේ අග භාගයේ ඝාතනය කෙරුණ ප්‍රේමකීර්ති ද අල්විස් මහා කලාකරුවාගේ විසිපස් වෙනි අනුස්මරණ වැඩ සටහනකට සහභාගී වෙමින් සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කතා කළ තමා එම ඉල්ලීම කළ බවයි, නිර්මලා ද අල්විස් සංදේශය කළ විමසීමක දී කියා සිටියේ.

1989 භීෂණ සමයේ ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය පිළිබඳව ඇඟිල්ල දිගු කෙරුනේ ජනතා විමුක්ති පෙරමුණට නමුත් එම ඝාතනය පිටුපස වෙනත් බලවේගයක් ක්‍රියාත්මක වී ඇති බව නිර්මලා ද අල්විස් ගේ අදහසයි.

“මම ජනාධිපතිතුමාට කිව්වේ ,මට මේ ලෝකයේ වෙනත් කිසිම දෙයක් අනවශ්‍ය අතර ප්‍රේමකීර්තිගේ මරණය සම්බන්ධයෙන් සාධාරණත්වය පමණක් ඉටු කර දෙන ලෙසයි” නිර්මලා ද අල්විස් සිය දීර්ඝ සාකච්ඡාවේ දී බීබීසියට කියා සිටියාය.

පොත ජනාධිපතිවරයාට

“ප්‍රේමකීර්ති ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් මම එකතු කර ගත් තොරතුරු ඇතුළත් පොතත් අර ගෙනයි මම උත්සවය ගියේ. මම ඒ පොතේ ලිව්වා, ජනාධිපතිතුමනි, මරණය වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරන්න .මොකද? ඊට වගකිව යුතු පුද්ගලයා ඔබේ සෙවනේ කියල. මම ඒ පොත ජනාධිපති තුමාට දුන්නා” නිර්මලා ද අල්විස් වැඩි දුරටත් කියා සිටියාය.

එම ඉල්ලීම ඉදිරිපත් වූ සැනින් ජනාධිපතිවරයා වික්‍ෂිප්තභාවයට පත් වූ බවයි, ඇය පවසන්නේ.

ඉහත කී සමරු වැඩ සටහනේ එක් අවස්ථාවක් වී තිබුණේ ‘ප්‍රේමකීර්ති ද අල්විස් මාවත’ ජනාධිපතිවරයා අතින් විවෘත කරනු ලැබීමයි.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුවක් කැඳවමින් පරීක්ෂණයක් කැඳවමින් අපරාධකරුවන් හෙළිදරව් කිරීමට පියවර නොගන්නේ කුමක් නිසාදැයි රජයෙන් ප්‍රශ්න කර ඇත.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා එම මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය සිදු කළ බවට සිය පක්ෂයට එල්ල කෙරෙන චෝදනා විග්‍රහ කළේ ‘මඩ ප්‍රහාර’ හැටියටයි.

අපේක්ෂා සුංව සිටි තරුණයන්ගේ කැරැල්ල සමඟ රජ කළ භීෂණය හමුවේ රාජ්‍යය විසින් ම්ලේච්ඡත්වය අසීමිතව මුදා හරිනු ලැබීම අතින් හොඳම උදාහරණය 1989 වකවානුව වන බව මෙම සාකච්ඡාවට එක් වූ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ(JDS) කැඳවුම්කරු රෝහිත භාෂණ අබේගුණවර්ධන පවසයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.