ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පැරදුනත් ආ මග ගැන සතුටුයි - චන්ද්‍රිකා

29 ජූලි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 19:28 GMT

ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හය වෙනි දිනය වූ අඟහරුවාදා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවනට එතරම් සාර්ථක දිනයක් වුයේ නැහැ.

උදෑසන පැවැත්වුණු මීටර 400 කාන්තා අවසන් පූර්ව තරඟයේදී සිවු වැනි ස්ථානයට පත් වූ චන්ද්‍රිකා සුභාශීනී රස්නායක අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් විය.

එහෙත් ඉතා දුෂ්කර ගම්මානයක ඉපදී, හැදී වැඩුණු තමා මෙතෙක් ආ ගමන් මග පිළිබඳව සතුටු වන බවයි, ඇය සමඟ කියා සිටියේ.

"බලාපොරොත්තුව ඉටු වුනේ නෑ කියල කියන්නත් බෑ. මම බොහොම හොඳ කාලයක් වාර්තා කළා. ඉදිරියේදී පැවැත්වෙන තරඟවලට මේක බොහොම හොඳ කාලයක්," යනුවෙන්ද ඔහු පැවසීය.

මේ අතර තහනම් ඖෂධ ගත් බවට පරීක්ෂණ වලදී තහවුරු වීමෙන් පසුව නයිජීරියානු ජාතික චිකා අමලාහා ක්‍රීඩිකාවට මූලික තරඟ තහනමක් පැනවිණ.

ග්ලාස්ගෝ ක්‍රීඩා උළෙලේදී තහනම් උත්තේජක ලබා ගත් බව තහවුරු වූ ප්‍රථම ක්‍රීඩිකාව ඇයයි.