මත්තල: බලාපොරොත්තු අත් නොහරිමු

26 ජූලි 2014 අවසාන වරට යාවත්කාලීන කළේ 17:03 GMT

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොට.

හම්බන්තොට වරායට එන නැව් ප්‍රමාණය සහ මත්තල ගුවන්තොටුපළට එන ගුවන් යානා සංඛ්‍යාව නිතරම මාධ්‍ය තුළ කතාබහට ලක් වේ.

ආදායම් අතින් මෙම ව්‍යාපෘති දෙකම තවමත් සාර්ථක නොවීම නිසා මෙය ආණ්ඩුවේ අදූරදර්ශී අසාර්ථක ව්‍යාපෘති හැටියටයි විපක්ෂය හඳුන්වන්නේ.

මෙවැනි ව්‍යාපෘති වල සාර්ථක අසාර්ථක බව කෙටි කාලයකින් මැනිය නොහැකි යැයි ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ ආර්ථික විශේෂඥ අනුෂ්ක විජේසිංහ කියා සිටියි.

බීබීසී කොළඹ වාර්තාකරු අශාම් අමීන් ආර්ථික විශේෂඥ අනුෂ්ක විජේසිංහ සමඟ කල සාකච්ඡාවක් මේ.