'අපේක්ෂකත්වය' මත පදනම් වූ පොදු අපේක්ෂකයෙක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 24 බ්‍රහස්පතින්දා - 19:28 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

පෞද්ගලිකත්වය නොව 'අපේක්ෂකත්වය' මත පදනම් වූ පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

'අපේක්ෂකත්වය' මත පදනම් වූ පොදු අපේක්ෂකයෙක්

00:04:00

'පෞද්ගලිකත්වය මත නොව අපේක්ෂකත්වය' මත පදනම් වූ පොදු අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බව මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන් යුත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය පවසයි.

‘විධායක ජනාධිපති ධුරය අහෝසි කල යුත්තේ ඇයි?’ යන මැයෙන් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය විද්වත් කතිකාවක් අද බ්‍රහස්පතින්දා සංවිධානය කොට තිබුණි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා එකී සංවිධානය ක්‍රියාත්මක කිරීමට නියමිත මාර්ග සිතියම එළි දක්වමින් අදහස් පළකළ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කියා සිටියේ' වඩා වැදගත් වන්නේ අපේක්ෂකයා කවුද යන්න නොව 'අපේක්ෂකත්වය' හා ඔවුන් එකඟ වෙන්නේ කුමක් සඳහාද' යන්න වන බවයි.

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන අපේක්ෂකත්වයක් මිස පෞද්ගලිකත්වය මතු නොකළ යුතු බවයි,ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පෙන්වා දුන්නේ.

ඉදිරිපත් වන පොදු අපේක්ෂකයා ජය ගැනීමෙන් අනතුරුව විධායක ජනාධිපති ධුරය අහෝසි කර නැවත පාර්ලිමේන්තු ක්‍රමය බල ගන්වන බව හුදෙක් මැතිවරණ පොරොන්දුවක් ලෙස පමණක් නොව, නීතිමය කෙටුම්පතක් ලෙස රටට ඉදිරිපත් කරන බවයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසන්නේ.

මාස හයක් ඇතුළත එම සියලු කටයුතු සිදු කරන බව පැවසු ඔහු තව දුරටත් කියා සිටියේ, ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන දිනය පවා සටහන් කරන බවයි.

විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම තනි කාරණාවක් සේ පෙනුනත් එය සිදු කිරීමෙන් රට තුළ ඇති අනිකුත් ප්‍රශ්න වලට ද විසඳුමක් ලැබෙන බවයි ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසන්නේ.

බලය පාර්ලිමේන්තුවට

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග,විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති එක්ව සිටියහ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියන් හා උදය ගම්මන්පිල පළාත් සභා මන්ත්‍රී වරයාත් එම අවස්ථාවට එක්ව සිටීම විශේෂත්වයකි.

එවැනි ප්‍රධාන දේශපාලන නායකයන් එකී අවස්ථාවට එක්ව සිටියත් එය ආවරණය කල මාධ්‍ය කරුවන්ගේ වැඩි අවධානය යොමු වූයේ ධුරයෙන් පහ කළ හිටපු අගවිනිසුරුවරිය වන ශිරාණි බණ්ඩාරනායක වෙතයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.