ජනාධිපති ග්ලාස්ගෝ සංචාරය; මත දෙකක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 24 බ්‍රහස්පතින්දා - 18:12 GMT

බ්‍රිතාන්‍යයේ ‘ග්ලාස්ගෝ’ හි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල විසි තුන් වන දා ආරම්භ කෙරුණේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ සහභාගිත්වයෙන් තොරවයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හවුලේ සභාපතිවරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නොපැමිණීම ජාත්‍යන්තර අවධානයට ලක් විය.

නියෝමාල් පෙරේරා

'ජනාධිපති ග්ලාස්ගෝ නොආවේ ආරක්ෂාව සහතික නැති නිසා'- නියෝමාල්

00:03:12

නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසන්නේ ජනාධිපතිවරයා ‘ග්ලාස්ගෝ’ නොපැමිණීමට හේතු වී ඇත්තේ ආරක්ෂක ප්‍රශ්න සැලකිල්ලට ගනිමින් බවයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් කණ්ඩායමක් මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරද්දී ජනාධිපති වරයා ඊට සහභාගී නොවීම පිළිබඳව නියෝජ්‍ය විදේශ අමාත්‍ය නියෝමාල් පෙරේරාගෙන් බීබීසීය විමසීමක් සිදු කරනු ලැබීය.

නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසන්නේ ජනාධිපතිවරයා ‘ග්ලාස්ගෝ’ නොපැමිණීමට හේතු වී ඇත්තේ ආරක්ෂක ප්‍රශ්න සහ බ්‍රිතාන්‍ය ජනතාවගේ පහසුව සැලකිල්ලට ගනිමින් බවයි.

තව දුරටත් හේතු පැහැදිලි කරමින් අමාත්‍ය නියෝමාල් පෙරේරා කියා සිටියේ බ්‍රිතාන්‍ය රජය ජනාධිපති තුමාට දැඩි ආරක්ෂාවක් ලබා දීමට පියවර නොගත් බවයි.

පෙර සංචාර අත්දැකීම්

මහින්දා නන්ද අලුත්ගමගේ

'ජනාධිපති ග්ලාස්ගෝ නාවේ ඌව පළාත් සභා මැතිවරණය නිසා'-මහින්දානන්ද

00:03:32

ජනාධිපතිතුමා ග්ලාස්ගෝ නොපැමිණියේ ඌව පළාත්සභා මැතිවරණයේ කටයුතු නිසා බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

මේ හේතුවෙන් මුහුණ පෑමට සිදුවන අපහසුතා මෙන්ම ක්‍රීඩාංගනයේ ක්‍රීඩා ලෝලීන්ට ඇති විය හැකි අපහසුතා සලකා මෙවර ක්‍රීඩා උළෙලට ජනාධිපතිතුමා නොපැමිණීමට තීරණය කළ බව ඔහු පෙන්වා දුන්නේ ගියවර ආරක්ෂාව ලබා දීමට බ්‍රිතාන්‍ය රජය අපොහොසත් වීමෙන් මුහුණ පෑමට සිදු වූ අපහසුතා මතක් කරමිණි.

නමුත් මෙම කාරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය මෙතෙක් තම අදහස් පළ කර නොමැත.

එහෙත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ‘ග්ලාස්ගෝ’ නගරයට පැමිණ සිටි ක්‍රීඩා අමාත්‍ය මහින්දා නන්ද අලුත්ගමගේ බීබීසියේ ජයප්‍රකාෂ් නල්ලුසාමි සමඟ සාකච්ඡාවකට සහභාගී වෙමින් කියා සිටියේ ඌව පළාත් සභා මැතිවරණය හේතුවෙන් ජනාධිපතිවරයාට ක්‍රීඩා උළෙලට පැමිණීමට අවකාශයක් නොලද බවකි.

මේ අතර ශ්‍රී ලංකාවෙන් පැමිණි ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද බ්‍රහස්පතින්දා මූලික තරඟ ඉසව් කීපයකට සහභාගී වුහ.

ඉදිරි දින වල ඔවුන් තවත් ඉසව් කීපයකට සහභාගී වීමට නියමිතයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.