ජනපති නොපැමිණියේ 'උද්ඝෝෂණ නිසා'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 23 බදාදා - 20:51 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ජනාධිපති මහින්ද රාජපක්ෂ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට නොපැමිණියේ තමන් සංවිධානය කළ උද්ඝෝෂණ හේතුවෙන් බව දෙමළ උද්ඝෝෂකයෝ පවසති.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ජනපති නොපැමිණියේ 'උද්ඝෝෂණ නිසා'

00:00:57

ජනාධිපති මහින්ද රාජපක්ෂ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට නොපැමිණියේ තමන් සංවිධානය කළ උද්ඝෝෂණ හේතුවෙන් බව දෙමළ උද්ඝෝෂකයෝ පවසති.

පොදුරාජ්‍ය මණ්ඩලයේ වත්මන් සභාපතිවරයා වන ජනාධිපතිවරයා ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන උළෙලට සහභාගි නොවන බව ජනාධිපතිවරයාගේ ප්‍රකාශක මොහාන් සමරනායක තහවුරු කළේය.

ජනාධිපතිවරයා සහභාගි නොවූවත්, සිය උද්ඝෝෂණ නොනවත්වන බව පැවසූ උද්ඝෝෂකයෝ සමාරම්භක උළෙලට සමගාමීව ග්ලාස්ගෝ නුවර උද්ඝෝෂණයක නිරතව සිටියහ.

පන්සියයක පමණ පිරිසක් එයට සහභාගිව සිටි බවයි, උළෙල වාර්තා කිරීම පිණිස ග්ලාස්ගෝ නුවරට ගොස් සිටින ජයප්‍රගාෂ් නල්ලුසාමි කළ විමසීමකදී පොලිසිය කියා සිටියේ.

ජනාධිපතිවරයා නොපැමිණියත් මෙය සිය වේදනාව සහ දුක් ගැනවිල්ල ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ කියා සිටීමට ලැබෙන හොඳම අවස්තාවක් බව උද්ඝෝෂණය සංවිධානය කළ දෙමළ සම්බන්ධීකරණ කමිටුවේ සම්බන්ධීකාරක කන්දයියා රාජමනෝහරන් සංදේශයට පැවසීය.

ජනාධිපතිවරයා නොපැමිණීමට හේතුව සිය උද්ඝෝෂණය බවද ඔහු අවධාරණය කළේය.

එහෙත් එය ප්‍රතික්ෂේප කරන ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සංදේශයට කියා සිටියේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ උළෙලට සහභාගි නොවීමට එකම හේතුව ළඟ එන ඌව පළාත් සභා මැතිවරණය හේතුවෙන් කාර්ය බහුල වීම නිසා බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.