ශ්‍රී ලංකාව 'සාධාරණය ඉටු කළ දවසක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 18 සිකුරාදා - 09:11 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

සිය සොහොයුරා අහිමි වීමේ වේදනාව කිසි දින සමනය නොවනු ඇති මුත්, ඝාතනය සම්බන්ධයෙන් සාධාරණය ඉටු වනු දැකීම සහනයක් බව කුරාම් ෂයික් ගේ සොහොයුරා පවසයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ශ්‍රී ලංකාව 'සාධාරණය ඉටු කළ දවසක්'

00:01:58

සිය සොහොයුරා අහිමි වීමේ වේදනාව කිසි දින සමනය නොවනු ඇති මුත්, ඝාතනය සම්බන්ධයෙන් සාධාරණය ඉටු වනු දැකීම කිසියම් සහනයක් බව තංගල්ලේදී ඝාතනයට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ගේ සොහොයුරා පවසයි.

කුරාම් ෂයික් ඝාතනය කොට ඔහුගේ රුසියානු ජාතික පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවලට වරදකරු බව තීන්දු කෙරුණු තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදානපතිරණ ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 20 ක් බැගින් සිර දඬුවම් නියම කළේය.

විශේෂයෙන්ම සිය සොහොයුරාට අත් වූ ඉරණම තවත් කිසිවෙකුට අත් නොවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් නඩු තීන්දුවෙන් පසුව නිවේදනයක් නිකුත් කරන නසර් ෂයික් කියා සිටියේය.

කුරාම් ෂයික් ඝාතනය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කර ගැනීම උදෙසා දියත් කෙරුණු ව්‍යාපාරයේදී සහාය දුන් ශ්‍රී ලාංකික ජනතාව, ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්, බ්‍රිතාන්‍ය ආණ්ඩුව ඇතුළු සියලු දෙනාට නසර් ෂයික් සිය ස්තුතිය පුද කරයි.

'වෘත්තීයභාවය සහ ස්වාධීනත්වය'

ඝාතනය පිළිබඳව සාක්ෂි දීමට ඉදිරිපත් වූ සියලු දෙනාගේ 'නිර්භීතභාවය' මහත් සේ අගය කරන බවත් ඔහු පවසයි.

"අද ඉතා වැදගත් දිනයක්. රට සාධාරණය ඉටු කළ දවසක්. මම මගේ සොහොයුරාට මගේ පොරොන්දුව ඉටු කළ දවසක්," යනුවෙන්ද නිවේදනයේ සඳහන් වේ.

තීන්දුවට එරෙහිව අභයාචනයක් ඉදිරිපත් කරන බව විත්ති පාර්ශවය පවසයි

සිය උද්ඝෝෂණය සාධාරණය පමණක් අරමුණු කොට ගත්තක් නොව, මානුෂීය ආධාර සපයමින් සිය සොහොයුරා ලොව පුරා යමින් කළ සේවය පිළිබඳව දැනුවත් කිරීම උදෙසාද දියත් වූවක් බවත් නිවේදනයේ සඳහන්.

මේ අතර නඩු තීන්දුව පිළිබඳව ප්‍රසාදය පළ කරන කොළඹ පිහිටි බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය, සිය 'වෘත්තීයභාවය සහ ස්වාධීනත්වය' ප්‍රදර්ශනය කළ නීතිපති දෙපාර්තමන්තුවේ නිලධාරීන්ට විශේෂ ස්තුතිය පළ කොට තිබේ.

නඩුව පිළිබඳ ඉදිරි වර්ධනයන් තමන් දිගටම නිරීක්ෂණය කරන බවත් මහා කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

'අපහාස'

තීන්දුව දීමට පෙර විශේෂ ප්‍රකාශයක් කළ විනිසුරු රෝහිනී වල්ගම, තමන් මෙම නඩු විභාගය පමා කරන බවට ඇතැම් මාධ්‍යවලින් එල්ල කළ චෝදනා තීන්දුවත් සමඟ බිඳ වැටෙන බව කියා සිටියාය.

"මම මාස තුනහමාරක් වැනි කෙටි කාලයක් තුල නඩුව අවසන් කළා. මේක ඉතිහාසගත ජයක් ලෙස කිව යුතුයි. මා මෙම නඩු තීන්දුව ලබා දී තිබෙන්නේ ඉදිරිපත් වූ සාක්කි පදනම් කරගෙන මාගේ හෘද සාක්ෂියට අනුවයි," යනුවෙන් ඇය සඳහන් කළාය.

"මේක දේව කාර්යයක් ලෙසයි මා සලකන්නේ. මේ නඩුව තුලින් පැමිණිලි සහ විත්ති පාර්ශවයන්ට වඩා වැඩිපුර අපහාස වින්දේ මමයි." ලෙසින් ඇය වැඩිදුරටත් කියා සිටියාය.

එහෙත් මෙම තීන්දුව පිළි නොගන්නා බව පවසන විත්ති පාර්ශ්වයේ නීතිවේදීහු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව පැවසූහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.