සිවිල් ක්‍රියාකාරීන් මර්දනයට එරෙහි විරෝධතාවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 17 බ්‍රහස්පතින්දා - 19:59 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

“රාජ්‍ය නොවන සංවිධාන මර්දනයට එරෙහිව පෙළ ගැසෙමු” යන එම සාමකාමී විරෝධතාව සංවිධාන කරන ලද්දේ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් විසින්.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

සිවිල් ක්‍රියාකාරීන් මර්දනයට එරෙහි විරෝධතාවක්

00:02:47

රාජ්‍ය නොවන සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන් මර්දනයට ලක් කරමින් රජය ගෙන ආ විශේෂ රෙගුලාසියට එරෙහි විරෝධතාවක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදි පැවැත්විණ

“රාජ්‍ය නොවන සංවිධාන මර්දනයට එරෙහිව පෙළ ගැසෙමු” යන එම සාමකාමී විරෝධතාව සංවිධාන කරන ලද්දේ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් පිරිසක් විසින්.

ඊට එක්වූ 300 කට ආසන්න පිරිසක් පැයකට ආසන්න කාලයක් කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූහ.

රජය පනවා ඇති මෙම නියෝග පිළිගැනීමට තමන් කිසිසේත් සුදානම් නැති බවයි සංදේශයට අදහස් දැක්වූ සිවිල් සමාජ ක්‍රියාකාරියකු වන හර්මන් කුමාර පැවසුවේ.

ජනතාව හඬ මර්දනයක්

සත්‍යවේල් පියතුමා කියා සිටියේ ආණ්ඩුවේ අසාධාරණකම් පෙන්වාදී ජනතාව වෙනුවෙන් හඬ නැගීම නිසා ආණ්ඩුව අද රාජ්‍ය නොවන සංවිධාන මර්දනයට උත්සාහ කරන බවයි.

රාජ්‍ය නොවන සංවිධානවල මාධ්‍ය කටයුතු පාලනය කරමින් රජය එම සංවිධාන වෙත යැවු ලිපිවල පිටපත් ගිනි තැබීමටද විරෝධතාකරුවෝ කටයුතු කළහ.

මේ අවස්ථාවට එක්වූ නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පැවසුවේ රාජ්‍ය නොවන සංවිධාන හා අනිකුත් සිවිල් සංවිධාන මර්දනයට එරෙහිව සියලු දෙනා එක්ව රජයට විරෝධය පළ කළ යුතු බවයි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයෙකුව සිටියදී රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රයෝජනය ලබා ගත් ආකාරය ඔහු විස්තර කළේය.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.