අලුත්ගමින් මූලික අයිතිවාසිකම් නඩුවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 17 බ්‍රහස්පතින්දා - 13:24 GMT

අලුත්ගම සහ බේරුවල පසුගිය දා ඇති වූ ගැටුම් වැළැක්වීමට පොලිසිය ක්‍රියා නොකිරීම හේතුවෙන් පීඩාවට පත් වූ පිරිසක් එමගින් තම අයිතිය කඩ වූ බව කියා සිටිමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇත.

එම පෙත්සම් වලින් උත්තර කරුවන් කරනු ලැබ ඇත්තේ පොලිස්පතිවරයා,අලුත්ගම සහ බේරුවල ප්‍රදේශයේ පොලිස් ප්‍රධානීන් සහ නීතිපතිවරයායි.

අදාළ පෙත්සම් භාර ගත් බව ප්‍රකාශ කළ ශ්‍රේෂ්ඨාධිකරණ ප්‍රකාශකයෙක් කියා සිටියේ, අවශ්‍ය පියවර ගැනීම පිණිස ඒවා අගවිනිසුරුවරයා වෙත යොමු කර ඇති බවයි.

ජීවිත සහ දේපොළ හානිය

අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල ගැටුම් ඇතිවූ අවස්ථාවේ ඒවා වැළැක්වීමට පොලිසිය ඔවුන්ට නීතියෙන් පැවරී ඇති බලතල ක්‍රියාත්මක නො කළ බවයි පෙත්සම් කරුවන් කියා සිටින්නේ.

ජීවිත සහ දේපොළ හානිය පොලිසිය අවශ්‍ය පියවර නො ගත් නිසා ජීවිත මෙන් ම විශාල දේපළ හානියක් ද සිදු වූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

විනාශකාරී ක්‍රියා වළක්වා ගැනීමට පොලිසියට හැකියාව තිබුණ බවත් පෙත්සම් කරුවෝ කියා සිටිති.

එවැනි තත්වයක් යටතේ පොලිසියේ ක්‍රියාකලාපය නිසා සිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇතැයි චෝදනා කරන පෙත්සම් කරුවෝ ඒ වෙනුවෙන් සුදුසු වන්දි ගෙවන මෙන් රජයට නියෝගයක් කරන ලෙසයි අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.