යුක්රේන යුවළකට මරණ දඬුවම

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 16 බදාදා - 12:37 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

මිනීමැරීමේ චෝදනාවට වරදකරු කළ යුක්රේන ජාතික අඹුසැමි යුවළකට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කර තිබේ.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

යුක්රේන යුවළකට මරණ දඬුවම

00:01:05

මිනීමැරීමේ චෝදනාවට වරදකරුවන් වූ යුක්රේන ජාතික අඹුසැමි යුවළකට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළේය.

තීන්දුව නිවේදනය කිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ විත්තිකරුවෝ, තමන්ට මරණීය දණ්ඩනය පනවන්නේ නම් එය වහා ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් කළහ.

තමන්ට වෙඩි තබා මරාදමන ලෙස ද විත්තිකරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

2010 වසරේ පෙබරවාරි මස 23 වන දා රාජගිරියේ දී සිය නිවසේ මෙහෙකාරිය සහ බාල වයස්කාර අසල්වැසි පිරිමි දරුවකු මරා දමන ලදැයි චෝදනා කරමින් මසුර් ඉවුජින් සහ යානා බෙරිසින් යන යුක්රේන ජාතික යුවළකට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණි.

ඇසින් දුටු සාක්ෂි

මියගිය බාල වයස්කාර දරුවාගේ මව විසින් ලබාදුන් සාක්කි පදනම් කරගෙන අධිකරණය මෙම තීන්දුවට එළඹුණු බව අගතියට පත් පාර්ශවයේ නීතිවේදී අමල් කොඩිතුවක්කු කියා සිටියේය.

"මියගිය දරුවාගේ මව ඇසින් දුටු සාක්කිකාරියක ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණා. ඇය ලබාදුන් සාක්කි විත්තිකරුවන් වරදකරු කිරීමට බෙහෙවින් ඉවහල් වුනා," යැයි නීතිවේදී කොඩිතුවක්කු පැවසුවේය.

තීන්දුව දෙමින් විනිසුරුවරු කියා සිටියේ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කළ චෝදනා සියල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

තීන්දුව ලබා දීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ විත්තිකරුවෝ තමන් නිර්දෝෂී පුද්ගලයින් බව කියා සිටියහ.

නඩු තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව ද ඔවුහු ප්‍රකාශ කළහ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.