අනාථයන් ශ්‍රී ලංකාවට 'පිටුවහල් කිරීමේ උත්සාහයක්'

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජූලි 2 බදාදා - 16:43 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

දේශපාලන රැකවරණ පතන්නන් රැගත් බෝට්ටුවක සිටි ශ්‍රී ලාංකික දෙමළ ජනතාව යළිත් ශ්‍රී ලංකාවට භාර දීමට ඕස්ට්‍රේලියාව කටයුතු කරන බවට ක්‍රියාධරයෝ සැක පළ කරති.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

අනාථයන් ශ්‍රී ලංකාවට 'පිටුවහල් කිරීමේ උත්සාහයක්'

00:03:13

සංක්‍රමණික බෝට්ටු වැළැක්වීම් වස් ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුව ප්‍රචාරක ව්‍යාපාර දියත් කොට තිබේ

දේශපාලන රැකවරණ පතන්නන් රැගත් බෝට්ටුවක සිටි ශ්‍රී ලාංකික දෙමළ ජනතාව ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දීමට ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව අනාථයින් වෙනුවෙන් පෙනී සිටින ඕස්ට්‍රේලියානු ක්‍රියාධරයෝ සැක පළ කරති.

පසුගිය සෙනසුරාදා උදෑසන සිට බෝට්ටුවේ සිටි පිරිස සමඟ සම්බන්ධතා ඇන හිටි බවත් ඕස්ට්‍රේලියාවේ දේශපාලන රැකවරණ පතන්නන් වෙනුවෙන් වූ මධ්‍යස්ථානයේ පැමෙලා කර් (pamela curr) සංදේශයට කියා සිටියාය.

බෝට්ටුවේ සිටි පිරිසට ඕස්ට්‍රේලියාව තුලට පිවිසීමට ඉඩ නො දී මහ මුහුද මැදදීම ඔවුන්ගේ දේශපාලන රැකවරණ ඉල්ලීම් සම්බන්ධයෙන් හදිසි පරීක්ෂණයක් පැවැත්වෙන බවට තොරතුරු ලැබී ඇතැයි ද ඇය ප්‍රකාශ කළා ය.

"දෙමළ භාෂා පරිවර්තකයකින් කිහිප දෙනෙක් ගුවන් මාර්ගයෙන් නැවකට ගෙන ගොස් තියෙනවා. බෝට්ටුවේ ඉන්න අයගෙන් ඔවුන් තොරතුරු විමසනවා," යනුවෙන් පැමෙලා කර් කියා සිටියාය.

දේශපාලන රැකවරණය පතන පුද්ගලයන්ට සිය ඉල්ලීම් ඉදිරිපත් කිරීමට ඉඩ නොදීම මගින් ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුව ජාත්‍යන්තර වගකීමෙන් බැහැරව ක්‍රියාකරන බව පැමෙලා කර් ගේ අදහසයි.

"බෝට්ටුවේ ඉන්න අයට නීති උපදෙස් කිසිවක් නැතිව තියා ගෙන ඉන්නේ. ප්‍රශ්න හතරයි අහන්නේ. බොහෝ විට ඔවුන්ගේ ප්‍රශ්න කිරීම් ඉවරවෙලා ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට භාර දේවි කියල තමයි අපි සැක කරන්නේ," යනුවෙන් ද ඇය සංදේශයට කියා සිටියා ය.

අනාථයින්ගේ ආරක්ෂාව සම්බන්ධ ක්‍රියාධරයන් එල්ල කරන චෝදනාව පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුව තවමත් ප්‍රතිචාරයක් පළ කොට නැත.

බෝට්ටුවේ සිටි පිරිස ශ්‍රී ලංකා නාවික හමුදාවට භාර දී ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රතික්ෂේප කරයි.

ඒ පිළිබඳව තමන්ට කිසිදු දැනුම් දීමක් ලැබී නැති බවයි, නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය සංදේශය කළ විමසීමකදී කියා සිටියේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.