‘ශ්‍රී ලංකාව අරාජක වීමේ අවදානමක්’- මහින්ද යාපා

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජුනි 20 සිකුරාදා - 19:05 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

සිංහල බෞද්ධ බලවේග ලෙස පෙනී සිටින කණ්ඩායම් ජාති වාදී යුද්ධයක් ඇති කිරීමට උත්සාහ දරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන පවසයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

‘ශ්‍රී ලංකාව අරාජක වීමේ අවදානමක්’- මහින්ද යාපා

00:02:34

සිංහල බෞද්ධ බලවේග ලෙස පෙනී සිටින කණ්ඩායම් ජාතිවාදී යුද්ධයක් ඇති කිරීමට උත්සාහ දරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන පවසයි.

අනුරාධපුරයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ වසර තිහකට ආසන්න කාලයක් පැවති යුද්ධයේදී කොටි ත්‍රස්තවාදීන්ට බියෙන් සැඟවී සිටි මෙම පිරිස් යුද්ධය නිම වීමෙන් පසු තම නිර්භීත කම ප්‍රදර්ශනය කිරීමට අහිංසක මිනිසුන්ට පහර දෙන බවයි.

අතීතයේ භික්ෂූන් වහන්සේලා සහ සාමාන්‍ය වැසියන් කපා කොටා ඝාතනය කෙරුණ අවස්ථා වල මෙම පිරිස් ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී නොසිටි බවයි අමාත්‍ය වරයා පෙන්වා දෙන්නේ.

ඉහත කී කණ්ඩායම්වල උත්සාහය ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ ම්ලේච්ඡ රටක් ලෙස හංවඩු ගැසීම වන බවත් ඔහු කියා සිටියි.

බීමත්ව රිය පැදවීම වැනි විවිධ අපරාධ චෝදනා ලබා ඇති මෙම පුද්ගලයන් බෞද්ධ ආගම සහ ශ්‍රී ලංකාව විනාශ කිරීමට උත්සාහ දරණ අතර ශ්‍රී ලාංකීය ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් විය යුතු බවයි ඔහු පවසන්නේ.

අතීතයේ සිංහල දෙමළ ගැටුමකට මුල් වූ මෙම කණ්ඩායම් අද සිංහල මුස්ලිම් ගැටුමකට ක්‍රියා කරන අතර ඔවුන්ගේ උත්සාහය පිටුපස හේතු ගණනාවක් ඇති බවත්

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන පවසයි.

ඔවුන්ගේ එම දේශපාලන අභිමතාර්ථ ඉටු කර ගැනීමට ඉඩ නොදී ජනතාව අවදියෙන් කටයුතු කළ යුතු යයි කියා සිටි ඇමතිවරයා එවැනි කණ්ඩායම්වල ක්‍රියා කලාපයන්හි ප්‍රතිවිපාකය කිසිම නායකයකුට මෙම රට පාලනය කර ගැනීමට නොහැකි තත්වයක් ඇති වීම බවත් පෙන්වා දෙයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.