‘අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජුනි 19 බ්‍රහස්පතින්දා - 17:26 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

බෞද්ධ උත්සව පැවැත්වෙන අවස්ථාවලදී භික්ෂූන් වහන්සේ යම් නගරයකට යාම හෝ රැස්වීම් පැවැත්වීම හෝ වැළැක්වීමට නො හැකි බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

සවන් දෙන්න​mp3

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

‘අලුත්ගම රැළියට අවසර දුන්නේ පොසොන් නිසා’

00:04:22

බෞද්ධ උත්සව පැවැත්වෙන අවස්ථාවල දී භික්ෂූන් වහන්සේ යම් නගරයකට යාම හෝ රැස්වීම් පැවැත්වීම හෝ වැළැක්වීමට නොහැකි බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අලුත්ගම ප්‍රදේශයේ ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇති ව තිබූ අවස්ථාවක බොදු බල සේනා සංවිධානයට අලුත්ගම දී රැළියක් පැවැත්වීමට අවසර ලබා දීම පිළිබඳ ව මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි අමාත්‍ය වරයා එම අදහස් පළ කළේ.

පොසොන් උත්සවය යෙදී තිබුණේ ඉන් දින දෙකකට පෙර බව පෙන්වා දුන් අවස්ථාවේ දී අමාත්‍යවරයා පැවසුවේ වෙසක් සහ පොසොන් වැනි උත්සව දින කිහිපයකට වඩා සමරන බවයි.

අවසර ලබාදීම

පොලිස්පති එන්.කේ.ඉලංන්ගකොන් කියා සිටියේ රජය විසින් අවසර ලබාදී තිබුණේ බොදු බල සේනා සංවිධානයට නොව සාශනාරක්ෂක බල මණ්ඩලයේ රැස්වීමකට බවයි.

තව දුරටත් අදහස් පළ කළ පොලිස්පති කියා සිටියේ මීට මාස දෙකකට පෙර බොදු බල සේනා සංවිධානය අලුත්ගම නගරයේ කිසිදු ප්‍රශ්නයකින් තොරව රැළියක් පවත්වා තිබුණු බවයි.

පොලිස්පතිවරයාට අනුව අදාළ රැළිය පැවැත්වීමට පෙර පොලිසිය, මුස්ලිම් සහ බෞද්ධ දෙපාර්ශවයේම ආගමික නායකයන් හමු වී තිබෙන අතර කිසිදු කඩාකප්පල්කාරී සිදුවීමක් සිදු නො වීමට කටයුතු කරන බවට ඔවුන් පොලිසියට සහතිකවී තිබේ.

නමුත් මෙම රැළිය අවසානයේ රැළියට සම්බන්ධ වාහන පෙළක් දර්ගා නගරයෙන් ගමන් කිරීමේ දී මෙම ගැටුම ආරම්භ වූ බවයි පොලිස්පති වරයා පවසන්නේ.

සම්පුර්ණ සිද්ධියට වගකිවයුතු 55 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට පත්ව ඇති බවත් ඔවුන් අතර සිංහල ජාතිකයන් 48 දෙනෙකු හා මුස්ලිම් ජාතිකයන් 7 දෙනෙකු සිටින බවත් ඔහු තවදුරටත් පැවසීය.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ මෙම සිද්ධිය අලලා දේශපාලන වාසි ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන නිසා ජනතාව ඊට නොරැවටිය යුතු බවයි.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.