ජනාධිපතිගෙන් බේරුවල දී පොරොන්දුවක්

අවසාන යාවත්කාලීන කිරීම :  2014 ජුනි 18 බදාදා - 18:13 GMT

ශ්‍රව්‍ය දෘශ්‍ය වාදනය

ගැටුම් නිසා හානියට පත් ප්‍රදේශ යලි ගොඩනැගීමට හමුදා සහය ලබා දෙන බව ප්‍රදේශයේ ආගමික නායකවරු ඉදිරියේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පොරොන්දු වෙයි.

නරඹන්න​mp4

මෙය වාදනය කිරීම සඳහා අලුත්ම Flash Player බාගතකලයුතු අතර Java Script අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළයුතුය

Windows player යොදාගෙන වාදනය කරන්න

ජනාධිපතිගෙන් බේරුවල දී පොරොන්දුවක්

00:01:37

ගැටුම් මෙහෙයවූ හා ඒ සඳහා සම්බන්ධ වූ පුද්ගලයන් සොයා පරීක්ෂණ ආරම්භ කර ඔවුන් නීතිය හමුවට ගෙන එන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

වරදකරුවන්ට දැඩි දඬුවම් ලබා දෙන බවයි ප්‍රදේශයේ ආගමික නායකවරු ඉදිරියේ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ.

ගැටුම් වලින් හානියට පත් පවුල් වෙත වන්දි ලබා දීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයා සාකච්ඡාවට එක් වූ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුන්වහන්සේලා, මුස්ලිම් පුජකවරු ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීන් හමු වී ඇති වී තිබෙන තත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සිටි අවස්ථාවේ දී මේ බව පවසා සිටියේ.

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.