චීන රජය ඇමරිකානු තානාපතිවරයා හා සාකච්ජා

අවසාන යාවත්කාලීන කිරීම :  2014 මැයි 20 අඟහරුවාදා - 08:41 GMT

චීන යුද හමුදා නිලධාරීන් පස් දෙනකුට එරෙහිව චෝදනා එල්ල කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් චීන රජය ඇමරිකානු තානාපතිවරයා කැඳවා සාකච්ඡා කළ බව චීන රජයේ ප්‍රවෘති ඒජන්සිය ප්‍රකාශ කරයි.

ඇමරිකානු සමාගම් වලට අයත් වෙබ් අඩවි වලට නීති විරෝධීව ඇතුල් වී ව්‍යාපාරික රහස් තොරතුරු සොරා ගත් බවටයි යුද හමුදා නිලධාරීන් වෙත චෝදනා එල්ල කොට ඇත්තේ.

චීනය විසින් එම චෝදනා කලින් තද බල ලෙස ප්‍රතික්ෂේප කෙරිණ.

සහයෝගිතාව

එම චෝදනා හිතාමතා සකස් කළ ඒවා බව පවසන චීන මේ හේතුවෙන් දෙරට අතර සහයෝගිතාවට බාධා පැමිණෙන බවට අනතුරු අඟවා සිටියේය.

සයිබර් අවකාශයේ ක්‍රියාත්මක, චීන- ඇමරිකානු අන්තර් ජාල ක්‍රියාකාරී කණ්ඩායම දැනටමත් චීනය විසින් නවතා දමනු ලැබිණ.

තවත් ගත යුතු ක්‍රියාමාර්ග සලකා බලමින් සිටින බවයි චීනය ප්‍රකාශ කළේ.

ව්‍යාපාරික රහස් තොරතුරු

නීති විරෝධීව ඇතුල් වී ව්‍යාපාරික රහස් තොරතුරු සොරා ගත් බවට විදේශ හමුදා නිලධාරීන් හට ඇමරිකාව චෝදනා එල්ල කළ පළමු වතාව මෙයයි.

පරීක්ෂණ මෙහෙයවන , ඇමරිකානු රහස් ඔත්තු සේවයේ රොබට් ඇන්ඩසන් පැවසුවේ තම කාර්ය මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් ඉතා විස්තරාත්මක චෝදනා ගොනු කොට ඇති බවයි.

වැඩි තොරතුරු සඳහා

BBC © 2014 බීබීසී නොවන වෙබ් අඩවිවල අන්තර්ගතය පිළිබඳව බීබීසීය වගකීමෙන් නොබැඳේ

මෙම වෙබ් අඩවිය හොඳින්ම කියවිය හැක්කේ style sheets (CSS) ක්‍රියාත්මක කොට තිබෙන අලුත්ම වෙබ් බ්‍රවුසරයක් හරහාය. ඔබේ වත්මන් වෙබ් බ්‍රවුසරය මඟින් ඔබට මේ වෙබ් අඩවිය කියවිය හැකිමුත් එහි අඩංගු සියලු අංග පැහැදිලිව නැරඹීමට ඔබට අවස්ථාව නොලැබෙනු ඇත. ඔබේ වෙබ් බ්‍රවුසරයේ මෘදුකාංග යාවත්කාලින කිරීම හෝ ඔබට හැකිනම්  style sheets (CSS) ක්‍රියාත්මක කිරීම පිළිබඳව සලකා බලන්න.